Monday, May 20, 2024

ඇමැති රථගාය පිනවීමට තවත් ලක්ෂ 3600ක්

ඇමැතිවරුන්ගේ රථගාය පිනවීම සහ නිවාස අලුත් වැඩියාව පිනිස රුපියල් ලක්ෂ 3600ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (26දා)ඉදිරිපත් කර තිබේ.

මේ අතර ආපදාවලට ලක්වූවන්ට ආහාර ඇතුළු ක්ෂණික සහන සැපයීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අගමැතිතුමාගේ මැදිහත්වීම මත හදිසි ආධාර යටතේ රුපියල් මිලියන 45 ක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වෙන්කරදී ඇති බව වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය දුනේෂ් ගල්කන්ද මහතා පවසා ඇති බව දිනමිණ වාර්තා කරයි. ලක්ෂ 450ක් පමණි! රථගායට ලක්ෂ 3600කි!

මෙයින් වැඩිම මුදලක් හෙවත් ලක්ෂ 430ක් වැය වන්නේ මුස්ලිම් කොන්ග්‍රස් මංත්‍රී සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති අමීර් අලි (Ammer Ali Seyed Mohammad Sihabdeen) ට වාහනයක් ලබා ගැනීමටය.

ඊට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය සඳහාද ලක්ෂ 1540ක් ඉල්ලා තිබේ. එම මුදල වැය වනු ඇත්තේ කුමන වටිනාකමකින් යුත් වාහන ගෙන්වීමටදැයි දැනගන්නට නැත. ජනාධිපති සිරිසේනගේ පාවිච්චිය පිණිය ඉතා මිල අධික වාහන ගෙන්වා ගන්නා ලද්දේ මෑතකදීය.

රවි කරැණානායක මුදල් ඇමැති වූ වහාම මුදල් අමාත්‍යාංශට නව වාහන ගෙන්වා ගැනීමට ලක්ෂ 1200ක් ඉල්ලා ඇති අතර මෙම මුදල් මගින් ගෙන්වා ගැනීමට නියමිත වාහන ගැන ද දැන ගන්නට නැත.

සංවර්ධන මුලෝපා සහ විදේශ වෙළදාම සම්බන්ධ ඇමැති මලික් සමරවික්‍රමට තවත් වාහනයක් ගෙන්වා ගැනීම පිනිස ලක්ෂ 160 වෙන් කරවා ගෙන තිබේ.

මේ අතර ගංවතුරින් විපතට පත් ජනයාට සහන ලබා දීමට සම්පත් නැතැයි කියමින් ආණ්ඩුව අන්තර් ජාතික ආධාර ඉල්ලා ආයාචනයක් කර තිබේ.

Archive

Latest news

Related news