Friday, April 19, 2024

එකාබද්ධ ප්‍රකාශය: මළවුන් සිහි කිරීමේ අයිතිය සහ එම උත්සවයට මූලික වූ එලීල් පියතුමා හිරිහැරයට ලක් කිරීම

මැයි 25 වැනිදා, 2017

මළවුන් සිහි කිරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය සහ සිහිකිරීමේ උත්සවය සංවිධානය කළ දෙමළ ජාතික ක්‍රියාකාරිකයා හිරිහැරයට ලක් කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශණය පහත දැක්වේ.

පහතින් අත්සන් කරන පුද්ගලයන් සහ සංවිධාන වෙන අපි, උතුරු පළාතේ, මුලතිවු හි පිහිටා ඇති ජෙුසූට් (යේසුස්තුමාගේ සංගමය) සංවිධානයේ එලීල් රාජෙන්ද්‍රම් දෙමළ ජාතික කතෝලික පියතුමා වෙත අඛණ්ඩව පොලිසියෙන් සිදු වෙන හිරිහැර තරයේ හෙළා දකිමු.

අපි බොහෝ දෙනා එලීල් පියතුමා හමු වී ඇති අතර, ඔහුගේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය ගැන දනිමු. ඔහු යුද්ධයෙන් දිවි ගලවා ගත් දෙමළ ජාතික පුද්ගලයන්, සහ වින්දිතයන්ගේ පවුල් සමග, ඔවුන්ගේ අරගල සහ අයිතිවාසිකම් වෙනුවෙන් සහයෝගය ලබා දුන්, හඬ නැගූ පුද්ගලයෙකි.

එලීල් රාජෙන්ද්‍රම් පියතුමා

ශ්‍රී ලංකාවේ විවිධ පැතිවල සිංහල ක්‍රියාකාරීන් සමග ද සහයෝගයෙන්, කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ඔහුව බොහෝ දෙනෙක් විසින් දන්නා අතර, එබඳු ක්‍රියාකාරීන්ට උතුරේ දී නවාතැන් සැපයීම, සහ සාකච්ඡා සඳහා නිතර කොළඹට ද පැමිණීම ද ඔහු විසින් සිදු කර ඇත. එසේම ඔහු අන්තර්ජාතික ප්‍රජාව සහ රජය සමග ද ඔහු කටයුතු කර ඇත. පසුගිය වසරේ, ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කළ සංහිඳියා යාන්ත්‍රණ සඳහා කලාපීය කාර්ය සාධක බලකායේ දිස්ත්‍රික් සභාපති ලෙස කටයුතු කළේ ද ඔහුය.

එලීල් පියතුමා, දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය විනාශකාරී අවසානයක් ද සමග අවසන් වූ මැයි 18 වැනි දින සමරමින්, මුල්ලවයික්කාල් හි ආගමික සිහිපත් කිරීමේ උත්සවයක් සංවිධානය කිරීමේ දී ප්‍රධාන තැනක් ගත්තේය. මේ වසරේ දී, යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන්ගේ නම් ගල්වල සටහන් කර, පසුගිය වසරේ මැයි 18 වැනි දින ඉදි කළ ස්මාරකයක් අසල, තැන්පත් කිරීමට සැලසුම් කරන ලදී.  මිය ගිය ආදරණීයයන්ගේ නම් ගලක සටහන් කිරීම පවුලේ සාමාජිකයන්ට ඔවුන් සිහි කිරීමේ ක්‍රමයක් වෙන අතර, විශේෂයෙන් ඔවුන් බොහෝ දෙනෙකුට සොහොනක් පවා නොමැත.

මෙම උත්සවය සූදානම් කිරීමේ දී, සංවිධායකයන් බිය ගැන්නවීම් සහ නිරන්තර සොයා බැලීම්වලට ලක් කෙරුනි. එලීල් පියතුමා සහ ගල්වල නම් කෙටීමේ නියැලුණු තරුණයන් මැයි 16, සහ මැයි 19 වැනි දිනවල පිළිවෙලින් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම්වලට ලක් කෙරුනි. ඔහුව නැවතත් පොලිසියට මැයි 22 වැනිදා කැඳවා තිබූ නමුත්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පොලිසියට නොපැමිණෙන ලෙස ඔහුට දන්වා තිබූ අතර, පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු වෙන බවත් දන්වා තිබුනි. මෙයින් අදහස් වෙන්නේ ඔහුව තවදුරටත් පරීක්ෂාවට ලක්වෙන බවයි. පොලිසිය විසින් දිගින් දිගටම බල කර ඉල්ලා සිටියේ ගල්වල සටහන් කෙරුනු සහ කිරීමට නියමිතව තිබූ පුද්ගලයන්ගේ සම්පූර්ණ නම් ලැයිස්තුවකි. මේ අතර, මැයි 17 වැනි දින එලීල් පියතුමා සහ වෙනත් අය මෙම සිහිකිරීමේ උත්සවය මුල්ලිවයික්කාල්හි කලින් සැලසුම් කළ ස්ථානයේ පැවැත්වීමෙන් වළකාලමින් පොලිසිය විසින් උසාවි නියෝගයක් ලබා ගත්තේය. මේ නියෝගය උසාවියේ දී අභියෝගයට ලක් වූ නමුත්, උසාවිය මෙම උත්සවය සැලසුම් කළ පරිදි සිදු කිරීමට ඉඩ නොදුන් අතර, සිහිපත් කිරීමේ උත්සවය සිදු කිරීමට ඉඩ දුන්නේ පල්ලිය ආසන්නයේ පමණි.

මේ අතරම, ශ්‍රී ලංකා රජය “යුද විරුවන්” සිහි කිරීමේ උත්සවයක් මැයි 19 වැනි දින, කොළඹ දී, ජනාධිපතිතුමාගේ දායකත්වය සහිතව පවත්වන ලදී.  මෙය රට පුරා සිදු වූ එවැනි උත්සව අංග ගණනාවකින් එකක් වූ අතර, මැයි මාසය, “යුද විරුවන්ගේ මාසය” ලෙස ද නම් කරන ලදී.

වත්මන් සහ පසුගිය රජයේ යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් සිහිපත් කිරීමේ ප්‍රතිපත්තිය සහ වැඩ කටයුතු  තදබල සේ දෙමළ ජනතාවට වෙනස් කොට සැලකූ අතර, මෙය ජීවත්ව සිටින සහ මිය ගිය දෙපිරිසටම පොදුය. මෙය සාමය සහ එකමුතුවට තදබල බාධාවක් වෙන අතර, මෙය තවදුරටත් සිදු කෙරෙන්නේ නම්, මෙයින් දෙපිරිස අතර බෙදී යාම් වැඩි වීමත්, අවිශ්වාසය ඇතිවීමත් පමණක් සිදු වේ.

අපි තරයේ කියා සිටින්නේ සියලුම පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට හඬා වැටීමට සහ පවුලේ, ප්‍රජාවේ මිය ගිය අය වෙනුවෙන් ශෝක වීමට, ස්මාරක ඉදි කිරීමට, පෞද්ගලිකව ද, ප්‍රසිද්ධියේ ද, තනිවම මෙන්ම, සාමූහිකව ද අයිතියක් ඇති බවයි. තමන්ගේ ආදරණීයයන් මරණයට පත් වූ බොහෝ පවුල්වලට සහ ඔවුන්ගේ මිතුරන්ට, මෙය තමන්ගේ වේදනාත්මක අතීතය සුවපත් කර ගනිමින්, අනාගතය වෙත යාමේ එක් ක්‍රමයකි. 

එබැවින්, අප එලීල් පියතුමා සහ අනික් අය විසින් කරන ලද මෙම කටයුත්ත අගය කර, සම්පූර්ණයෙන් අපගේ සහයෝගය ද ලබා දෙන අතර, මෙම විශ්ව අයිතිය ඉටු කිරීම යනු සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් අතිශය වැදගත් අංගයක් ලෙස ද සලකන්නෙමු. ඔවුනට සිදු වූ බිය ගැන්වීම්, තර්ජන සහ පලි ගැනීමේ අදහසින් ආණ්ඩුවෙන් සිදු කළ ක්‍රියා සහ ඔවුන් දැනට මුහුණ දෙන එවැනි ගැටළු සහිත සන්දර්භයක් තුළ, අපි ඔවුන් වෙත අපගේ එකමුතුභාවය පළ කරන්නෙමු. ඔවුන්ගේ වැඩ කටයුතු සංහිඳියාව සහ සහ-පැවැත්ම සම්බන්ධයෙන් අතිශයින් වැදගත් වෙන බව අපි සලකන අතර, ඔවුනට සහාය ලබා දීමට කැප වෙන්නෙමු.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, මතක් කිරීමට සහ සිහිපත් කිරීමට සියලු ප්‍රජාවන්ට ඇති අයිතිය තහවුරු කරන ලෙසත්, මෙම අයිතිය ප්‍රවර්ධනය කිරීම සහ ඉටු කර ගැනීම සඳහා කටයුතු කළ එලීල් පියතුමා සහ අනෙකුත් අයට හිංසා කිරීම නවතා දමන ලෙසයි. රජයේ සංහිඳියා-විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අපි හෙළා දකින අතර, අපේ සහයෝගය පළ කරමින්, හිරිහැරවලට භාජනය වෙන එලීල් පියතුමා සහ අනෙකුත් අය සමග එක්ව සිට ගනිමින්, අපේ උපරිම සහයෝගය ඔවුන්ගේ මෙම වැදගත් කටයුතු කර ගෙන යාම වෙනුවෙන් පළ කරන්නෙමු.

 

Signatories:
Individuals

  1. Ainslie Joseph – Convenor/Chief Animator, Christian Alliance for Social Action (CASA)
  2. Ajayakumar M. K. – India
  3. Anandaraj L. Ponnambalam – New York, USA
  4. Annemari de Silva
  5. Anthony Mary Bastian Coonghe
  6. Anthony Row – General Secretary, Methodist Church in Malaysia
  7. Anthonyaiah Everest Dias CMF
  8. Antony Arulraj – Chennai, India
  9. Gowthaman
  10. Bishop Duleep de Chickera
  11. Bishop Kumara Illangasinghe
  12. Kangatheran
  13. Caryll Tozer
  14. Chandrika de Silva – Writer
  15. Crystal Fernando
  16. Damaris Wickremesekera
  17. Deanne Uyangoda
  18. Deekshya Illangasinghe
  19. Deshakeerthi Dr. Muhammed Muzzammil Cader – Chairperson, Zonal Task Force – Central Province
  20. Deshamanya Godfrey Yogarajah
  21. Dinal Edirisinghe
  22. Joe William
  23. Maureen Ernest
  24. Paikiasothy Saravanamuttu
  25. Dylan Perera – South Asian Centre for Legal Studies (SACLS)
  26. Jayasree – India
  27. Emil van der Poorten – A supporter of human and civic rights for ALL
  28. Farah Mihlar
  29. Frances Harrison
  30. Francis Xavier – India
  31. Fred Carver
  32. Freddy Gamage – Editor, Meepura
  33. George Mathen – India
  34. George Pulikuthiyil – India
  35. Hamshi Karunarajah
  36. Herman Kumara
  37. Hilary Wirasinha – Diocese of Colombo
  38. Yardsan Figurado
  39. A.N. Neil Priyantha Fernando – Activist for Social Justice
  40. Jacob Thacharattil – India
  41. Jake Oorloff – Artist
  42. Jayanthi Kuru-Utumpala
  43. Jeanne Samuel
  44. Jey Iyadurai
  45. Joanne Senn
  46. John Kavalakkatt – India
  47. Johnson Ainikal – India
  48. Aingkaran – Attorney-at-Law
  49. J. Brito Fernando
  50. Kalani Subasinghe
  51. Kochurani Abraham – India
  52. Kolitha Bandara
  53. Kumaran Nadesan
  54. Kusumam Joseph – India
  55. Lakshan Dias – Christian Rights Front
  56. Leslie Augustin
  57. Logan Rasiah
  58. Lourdes Joseph
  59. Lucille Abeykoon
  60. L. Rohan Peries
  61. Manju Kulappuram – India
  62. Mario Arulthas
  63. Mario Gomez
  64. Marisa de Silva
  65. Melani Manel Perera – Journalist
  66. Melisha Yapa
  67. Mohammed Majeed Jansila – Women Activists, Mullaithivu
  68. Mohammed Thahir Kubais – Social Activists, Mullaithivu
  69. N. Gokuldas – India
  70. Nagulan Nesiah
  71. Nigel Nugawela
  72. Nilshan Fonseka
  73. Nirmanusan Balasundaram
  74. Nishanthini Stalin George – Women Activist
  75. Selvaratnam
  76. Sunilkumar – India
  77. J. Williams
  78. M. Mujeebur Rahman – Journalist and Human Rights Defender
  79. N. Singham – Activist
  80. Parakrama Niriella – Dramatist
  81. Paul Joseph Kattookaren – India
  82. Prathibha Perera
  83. Jayantha Seneviratne
  84. Kumar David – LSSP (MG) – Signing in a personal capacity
  85. Ralston Weinman
  86. Bro. Jurinesz R. Shadrach – Church of Ceylon, Diocese of Colombo
  87. Bro. Marious Croos
  88. Bro. Shabilaash
  89. Dr. Jayasiri T. Peiris – Principal, Theological College of Lanka, Pilimatalawa
  90. E.C. Handy
  91. Fr. A.A. Surendrakumar, CMF
  92. Fr. Aloysius Pieris, SJ
  93. Fr. Chandran Crispus
  94. Fr. F.J.G. Croos (Nehru)
  95. Fr. J.C. Paul Rohan
  96. Fr. Jeevantha Peiris
  97. Fr. Jeevaraj Thangarasa, SJ
  98. Fr. Jeyabalan Croos
  99. Fr. Lionel Peiris, SSF (Society of St. Francis – Anglican Franciscans)
  100. Fr. M. V. E. Ravichandran
  101. Fr. Manoj Rasanjana, OP (Order of Preachers)
  102. Fr. Nandana Manatunga
  103. Fr. Nandana Saparamadu
  104. Fr. Niroshan de Mel
  105. Fr. Oswald Firth, OMI
  106. Fr. Pan Jordan
  107. Fr. Reid Shelton Fernando
  108. Fr. Rohan Dominic
  109. Fr. S.D.P. Selvan
  110. Fr. Sarath Iddamalgoda – Christian Solidarity Movement
  111. Fr. Sherard Jayawardane
  112. Fr. Terence Fernando
  113. Jason J. Selvaraja – Assembly of God, Chavakachcheri
  114. Maxwell Doss
  115. Sr. Beatrice Fernando, SDS
  116. Sr. Jenita Ragel
  117. Sr. Jeyam
  118. Sr. Matilda Lazarus
  119. Sr. Naomi
  120. Sr. Nichola
  121. Sr. Noel Christine Fernando
  122. Sr. Patricia Sandana Savary, SDS
  123. Sr. Rajeswary Arokianathar, SDS
  124. Sr. Rasika Pieris
  125. Rex Bowie
  126. Richard Gowing
  127. Rohini Hensman – Writer and Activist
  128. Revd. Dan Kgomosotho Dd(Hc) – Bishop of Mpumalanga, South Africa
  129. Ruki Fernando
  130. C.C. Elankovan
  131. Sampath Samarakoon – Editor, Vikalpa
  132. Sarah Arumugam – Attorney-at-Law
  133. Sebastian K. Jose – India
  134. Selvaraja Rajasegar
  135. Selvy Thiruchandran
  136. Shayma Silva
  137. Sheila Richards
  138. Shenali De Silva
  139. Shiran Illanperuma
  140. Shreen Abdul Saroor
  141. Sinthuka Vivekananthan – Youth Activist
  142. Sivasanthirabos Sureshkumar
  143. Sivasaravanabavan Sunthareswaran – Civil Society Activist, Tamil Civil Society
    Forum (TCSF), Jaffna
  144. Sunanda Deshapriya
  145. Suren D. Perera
  146. Suresh Babu – India
  147. Balamurukan
  148. Theepa So
  149. Thomas Htang Shan Mong – Director, Justice and Peace Commission (CBCM),
    Yangon, Myanmar
  150. Thyagi Ruwanpathirana
  151. Udaya Kalupathirana
  152. Jemstan Loga
  153. Perera
  154. Yasmin Sooka

Organisations

  1. Centre for Policy Alternatives (CPA)
  2. Families of the Disappeared (FoD)
  3. Human Rights Office, Kandy (HRO)
  4. INFORM Human Rights Documentation Centre
  5. International Truth and Justice Project (ITJP)
  6. Mannar Social and Economic Development Organization
  7. National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL)
  8. National Fisheries Solidarity Organization (NAFSO)
  9. Sri Lanka Campaign (SLC)

 

 

Archive

Latest news

Related news