Friday, March 29, 2024

කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය

ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව කියමින්  කතානායක කාර්යාලය/ කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය විසින්   ගීතා කුමාරසිංහගේ මංත්‍රී ආසනය අහිමි කිරීම ප්‍රමාද කිරීමට පාරලිමේන්තු ලේකම් කටයුතු කළේ්ද යන සැකය තහවුරු කර තිබේ.

නිවේදනය මෙසේ කියයි:

‘ පාර්ලිමේන්තුව විසින් අදාළ කරුණ ඉදිරි ක්‍රියාමාර්ග පිණිස මැතිවරණ කොමිසම වෙත දන්වා යැවුනේ සතියේ වැඩ කරන දින තුනක් ඉක්ම ගිය පසුව වන බව ද මින් පෙර ඇතැම් අවස්ථාවල මෙවැනිම තීන්දු මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීමට කටයුතු කර ඇත්තේ වැඩ කරන දින එකකට පසුව වන බව ද මෙහිලා පෙන්වා දෙමු.‘

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය පිලිබඳව තීන්දුව කථානායකවරයා අතට පත් ඇතතේ මැයි මස තෙවන දින (2017-05-03) පස්වරුවෙහි දීය.

කථානායකතුමන් විසින් නියමිත පරිදි එම අධිකරණ තීන්දුව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කරන ලදී. අනතුරුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව නීතිපතිවරයාගෙන් ද විමසීමෙන් පසු ඉදිරි පියවර සඳහා මැතිවරණ කොමිසම වෙත යොමු කරන ඇත්තේ ඉන් දින තුනකට පසු මැයි මස අට වැනි දා පස්වරුවෙහි  ය.

 

නිවේදනය මෙසේ ද කියයි: ‘කරුණු මෙසේ වන හෙයින් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය පිලිබදව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දන්වා යැවීම දෝශ සහිත බවත් එහිදී කථානායකවරයා ආණ්ඩු පක්‍ෂයේ උවමනාවන් අනුව ක්‍රියා කර ඇති බවටත් කිසියම් පාර්ශවයක් විසින් ප්‍රකාශ කරන්නේ නම් එය මුළුමනින්ම කරුණු විකෘති කිරීමක් හෝ අනවබෝධයෙන් යුතුව කරන ලද ප්‍රකාශයක් බැව් ‍‍පෙන්වා දෙමු.‘

 

Archive

Latest news

Related news