Monday, May 20, 2024

වංචා දූෂණ විිමර්ශන හෙමින් කරන්නැයි ජනාධිපති ලේකම් කොමිසමට කීවේ කාගේ උවමනාවටද?

ජායාරූපය: බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පුවත්පත් සාකච්ජාවේදී. photo credit: ACF

ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව  කියන  වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ‘මේ කටයුතු තරමක් හෙමින් කරන්න‘  යැයි ජනාධිපති ලේකම්තුමා තමාට කී බව පවසයි.

ලක් සතොස සහල් ආනයන වංචාවට සම්බන්ධ ඇමැතිවරයා රිශාඩ් බද්යුදින් වන අතර එ “සහල් ආනයනයේ දී සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කෙරෙන්නේ රාජ්‍ය මට්ටමින් රජයක් සමඟයි. නමුත් ලක් සතොස සහල් ආනයනයේ දී එය සහමුලින්ම සිදුකර තිබුණේ පෞද්ගලික අංශයත් සමඟයි. එය බරපතළ වංචාවක්” යැයි ද ඔහු වැඩි දුරටත් පවසයි.

තමාට සමහර ඇමතිවරු පවා කතා කළ බවත් ඔහු පවසා තිබේ.

‘ඒත් අපි කටයුතු කළේ නියමිත ක්‍රමවේදය අනුව. බලපෑම් නිසා අපි කටයුතු දියාරු කළේ නැහැ. ඒ තත්වය යටතේ මගේ නිලය අවසන් කළේ සිදු කෙරෙමින් තිබුණ පරීක්ෂණ නතර කරන්න වෙන්න පුළුවන්” යැයි ද ලැසිල් සිල්වා පවසා තිබේ.

මේ වනාහී ජනාධිපති ලේකම්ට පමණක් නොව ඔහුගේ ප්‍රධානියා වන ජනාධිපති සිරිසේනට ද එරෙහිව එල්ලවන බරපතල  චෝදනාවකි.  මෙම චෝදනාවට ජනාධිපති සිරිසේන කුමක් කියනු ඇත්දැයි දේශපාලන අංශ විමසිල්ලෙන් සිටිති.

‘නමුත් අන්තිම කාලයේ මට හැඟුණ දේ තමයි- රිෂාඩ් බදියුදීන් වගේ ඇමතිවරුන්ගෙන් ජනාධිපතිතුමාට බලපෑම් ඇති වූ බව. එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ තියා ගැනීමට ඇති උවමනාව වගේ කරුණු ජනාධිපතිතුමාට බලපෑවද කියන්න බැහැ‘ යැයි ද ඔහු විසින් පවසා තිබේ.

ජනාධිපති ලේකම් අබේකොන්ට විසින් මෙළෙස දූෂණ වංචා චෝදනා හිමින් කරගෙන යන්න යැයි ජනාධිපතිි කොමිෂන් සභාවක ලේකම්වරයාට පැවසිමත් පසුව එලෙස හිමින් කරගෙන නොගිය නිසා එහි ලේකම් ලැසිල් ද සිල්වා ජනාධිපති සිරිසේන විසින්ම එම තනතුරෙන් නියමිත කාලයට පෙර ඉවත් කිරීමත් එක්නෙකට සම්බන්ධ සිදුවිම් ලෙස නොසැලකීමට හේතුවක් නැත.

ඔහු විසින් ඉහත කී අදහස් දක්වා ඇත්තේ බීබීසී සිංහල සේවය සමඟ මැයි 20 වන දින පවත්වන ලද සාකච්ජාවකදිය.

“වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ දූෂිතයන්ට දඬුවම් දෙන බව පවසමින්. එහෙත් එවැනි පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් ඉන්නවා. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කරන්න ඒවාට තිරිංග දමන්න අවශ්‍ය වුනා කියල මට දැන් හිතෙනවා. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මම ඒ ගැන දැන සිටියේ නැහැ”
“මට වසර තිහකට අධික කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කටයුතු කරලා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුවයි මම කටයුතු කරමින් සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මගේ ඥාතියෙක්. එයත් නොතකා මම මේ රජය බලයට ගෙන ඒමට හවුල් වුණේ දූෂණ මැඩලීමට ඇති උවමනාව නිසයි” යැයි ඔහු වැඩි දුරටත් කියා තිබේ.ෙ

එමෙන්ම දූෂණ විරෝධි පෙරමුණ මැයි 19වන දින කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලැසිල් ද සිල්වා  සදහන් කළේ පසුගිය රජය සමයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පැවති ලක් සතොස ආයතනය අක්‍රමික ලෙස සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් මෙරටට ගෙන්වීමේ දී ඇතිවූ දුෂණයක් පිළිබඳ විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් කෙරුණු බවයි.

 

Archive

Latest news

Related news