Friday, April 26, 2024

සරසවි සිසුන්ට එළව එළවා පහරදෙන පොලීසිය ඥානසාරට බයේ පැන යයි! 

දහස් ගණනින් සාමකාමීව පා ගමනේ යෙදෙනෙ සරසිවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම භික්ෂූ සිසුන්ටද එළව එළවා පහර දෙන  ඇමැති සාගල රත්නායක් බාරව සිටින ශ්‍රී ලංකා පොලීසිය ඥානසාර හිමිගේ තරුණ කණ්ඩායමකට බියේ ආපසු හැරී ගිය පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි.

20 දින රාත්‍රී ඉබ්බාගමුවෙහි  බණ කතාවක් පවත්වා ආපසු එමින් සිටි ඥානසාර හිමි ඇතුළු විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් 200ක පමණ පොලිස් බලකායක් පළවා හැර ඇතැයි ආණ්ඩුවේ ඩේලිනිව්ස් පුවත් පත 22 දින වාර්තා කර තිබේ. එම වාර්තාවෙහි වැඩිම ප්‍රසිද්ධියක් දී ඇත්තේ බොදුබලසේනා මහ ලේකම් ඩිලන්ත විතානගේගේ් අදහස්වලටය.

ඥනසාර හිමි අත් අඩංඟුවට ගැනීමට පිණිස  පැමිණි පොලිස් කණ්ඩායමකට ඥානසාර අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති අතර අගමැතිවරයාට ද එළෙසම වදාරා තිබේ. ඥනසාර කණ්ඩායමට බිය වූ පොලිස් කණ්ඩායම පොලිස් විශේෂ බලකායද කැදවාගෙන පසුව පසුබැස ගොස් ඇත.

එදින රාත්‍රියේ කුරුණෑගල මල්ලවපිටියේ මුස්ලිම් දේවස්ථානකට පහර දෙන ලද්දේ මෙම ඥානසාර බලකායයැයි ජනමාධ්‍ය වාර්තා කරයි.

එනමුත්  තවම ඥානසාර අත්අඬංගුවට ගැනීමට පොලීසිය සමත් වී නැත.

සිවුරට මුවා වී ජාතිවාදය අවුළුවන ඥානසාරට පොලීසිය බය වී පසු බසින නමුත් ශිෂ්‍ය ශිෂාවන්ට  පහර දීමට කිසිසේතම පැකිලෙන්නේ නැත. ආණ්ඩුවත් එසේමය.

මෙළෙස මහමඟදී ඥානසාර හිමි අත්අඩංඟුවට ගැනීමට යෑම කොතරම් මෝඩකමක්ද යන්න අන්තිමේදී පොලීසියට හත්පලේ ගාගන්නට සිදුවිමෙන්ම පෙනි යයි. ඉන් සිදුව ඇත්තේ ජාතිවාදී අන්තවාදය තව තවත් ශක්තිමත් වීම පමණි.


මේ අතර ලංකා ඊ නිව්ස් ඥනසාරගේ කුරුනෑගල ගමන ගැන මෙසේ වාර්තා කර තිබේ.

නානසාර කුරුණෑගල යයි: ජනතාව කුපිත කරවයි: කුරුණෑගල මුස්ලිම් පල්ලියකට පෙට්‍රල් බෝම්බ ගසයි: මතුගම මුස්ලිම් කඩයකට ගිනි තබයි

අන්තවාදී උම්මතකයෙකු වන බේබදු නානසාර නමැති සිවුරුකරුවා සහ ඔහුගේ සහචරයන් විසින් කුරුණෑගල ප්‍රදේශයට ගොස් එහිදී ආගමික අන්තවාදය අවුස්සා ජනතාව කුපිත කිරීමෙන් පසු කුරුණෑගල මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. සිද්ධිය වී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේ ය.

ප්‍රහාරයෙන් පල්ලියේ දහම් අධ්‍යාපනය පවත්වන ගොඩනැගිල්ලට හානි සිදුව තිබේ. මෙතෙක් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නැත.

නානසාර කුරුණෑගල ගොස් ජනතාව කුපිත කරවා එද්දී පොලිසිය අත් අඩංගුවට ගන්නට ගියා යයි කියති. ඔහුට පක්ෂපාතී මාධ්‍ය පවසා ඇත්තේ නානසාර අත් අඩංගුවට ගැනීම ගැන නීතිය හා සාමය බාර ඇමැති හෝ අධිකරණ ඇමැති හෝ දැන සිටියේ නැති බවයි. පොලිසියට අවශ්‍ය අපරාධකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පෙර ඇමැතිවරු දැනුවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැත.

මේ අතර ඊයේ රාත්‍රී මතුගම පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ වෙළඳ සලක්ද ගිනි තැබීමට උත්සාහ කර තිබේ. එහි ඉදිරිපස යකඩ දොර ගින්නෙන් හානි වී ඇත.

රාජපක්ෂ යුගයේ රට ගිනි තැබූ සිවුරුකාර අන්තවාදීන් ඡන්දයට ගොස් ලබා ගත්තේ දහසකට අඩු මනාප ගණනකි. ඉන්පසුව නන්නත්තාර වී සිටි මේ අන්තවාදී සුළු පිරිස යලිත් තම විකෘති ආශාවන් සහ රාජපක්ෂලාගේ අවශ්‍යතා ඉටු කර දීම සඳහා රට ආගම්වාදයෙන් ගිනි තැබීමට උත්සාහ කරති.

පසුගිය දින කිහිපයේ පානදුර, කොහිලවත්ත, තොපූර් ආදී ප්‍රදේශවල දී මුසල්මානුවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී තිබිණ.

නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරොවෙන් කපන තුරු බලා සිටීම ණුවනට හුරු නැත. බෞද්ධ වේවා මුස්ලිම් වේවා කිතුණු වේවා හින්දු වේවා අන්තවාදී කවර වනචරයෙකුට හෝ ආගම්වල නාමයෙන් ඉඩ දිය යුතු නැත. මෘගයන් අල්ලා බැඳ දැමිය යුතුමය. එසේ නොකළහොත් ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයාට විසුමක් නැත.

(මල්ලවපිටිය ප්‍රහාරයේ සහ මතුගම ප්‍රහාරයේ සේයාරූ මෙහි දැක්වේ )

Archive

Latest news

Related news