Saturday, April 20, 2024

ඉරාන මැතිවරණයෙන් ද අන්තවාදය පරදී!

ජායාරූපය: ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ටෙහරානයේදී. /AFP.

පසුගිය සිකුරාදා (ඊයේ) පැවැති ඉරාන ජනාධිපතිවරණයෙන් ගතානුගතික සහ හුදකලාවාදී මුස්ලිම් අන්තවාදීන්ගේ නියෝජිතයා වූ ඊබ්‍රහම් රෙයිසි පරාජය කරමින් ප්‍රතිසංස්කරණයන්ට බර ජනාධිපති හසන් රොහානි තවත් ධූර කාලයකට එරට ජනයා විසින් පත් කරගෙන තිබේ.

ඉරානය කලින් හදුන්වන ලද්දේ පර්සියාව ලෙසය. එහි අති බහුතරය ෂියා මුස්ලිම් භක්තියට අයත්වෙති.

සුන්නි ලබ්දිය අදහන රටවල් කහ පාටින්ද ෂියා ලබ්දිය අදහන රටවල් නිල් පාටින් ද දැක්වේ.

මුස්ලිම් ලෝකයේ බහුතර රටවල් සුන්නි ලබ්දිය අදහන අතර විශාලතම සුන්නි මුස්ලිම් ජනගහණය ඉන්නේ ඉන්දුනීසියාවෙහිය. ඉරානයේ පසමිතුරු රට වන සවුදි අරාබිය සුන්නි මුස්ලිම් රාජ්‍යකි.

සවුදි අරාබිය ඇමෙරිකානු එක්සත් ජනපදය සමඟ යුදමය සන්ධානයන් පවත්වා ගන්නා අතර ඉරානයේ සහායකයා රැසියාවයි. ඉරානය සිරියානු රජයේ ප්‍රබල සහායකයකු වන්නේ ද ෂියා ලබ්දිය මත පදනම්වය.

හුසේන් රෙහානි දෙවන වරටත් ජනපති බවට පත්වේ.

මෙයට ටික වේලාවකට පෙර නිකුත් වූ ජනාධිපතිවරණ ජන්ද ප්‍රතිපල අනුව රොහානී සියයට 58.6ක ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. අන්තවාදී අපේක්ෂකයා වූ රෙයිසි ලබා ගෙන ඇත්තේ සියයට 39.8ක් පමණි.

අනෙක් අපේක්ෂකයින් දෙදෙනාම අන්තවාදී රෙයිසිට ජන්දය දෙන සේ ඉල්ලා සිටින ලද අතර ඔවුන් සියයට 01ක ජන්ද ලබා ගෙන තිබේ.

එරට ලියා පදිංචි ජන්ද දායක ප්‍රමාණය වූ මිලියන 56න් මිලියන 48ක්ම ජන්දය ප්‍රකාශ කළ බැවින් ඉරාන අගනුවර ජන්ද පොළවල් මැදියම් රැය දක්වා ද පිට පළාත්හි රාත්‍රී 11.00 දක්වා ද විවෘත කර තැබිණි.

කෙමේනි අලි කෙහානී ජන්දය ප්‍රකාශ කරයි

ව්‍යවස්ථානුකූල ආගමික රාජ්‍යක් වන ඉරානයෙහි රාජ්‍ය නායකයා වන්නේ කොමේනීවරයකු වන අතර වර්ථමානයෙහි එම තනතුර අයතුල්ලා අලි කෙහානී විසින් දරයි. ජන්ද බලයෙන් පත්වන ජනාධිපතිවරයාට හිමි වන්නේ රාජ්‍ය යේ දෙවන ස්ථානයයි. කොම්නීගේ අනුමැතිය නැතිව තීරණාත්මක ප්‍රතිපත්ති වෙනස්කම්වලට එරට ඉඩක් නැත. සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වන්නේ ද කොමේනිය.

එසේ වුවද හසන් රොහානි සිව් වසරකට පෙර බලයට පත් වූයේ ඉරානය ලෝකයට විවෘත කර නෂ්ඨික අවි නිපදවන්නේයැයි එරටට එරෙහිව පණවා තිබූ දරුණූ ආර්ථික සම්බාධක ඉවත් කර ගන්නා පොරොන්දුව පිටය. 2015 වසරෙහිදී ඔහු ඇමරිකානූ ජනාධිපති බරක් ඔබාමා සමඟ අත්සන් කල ගිවිසුම මගින් එම සම්බාධක ඉවත් කර ගැනිමට සමත් විය.

ඉරාන තරැණියක් පසුගාමිත්වයට කැමැති නැත.

ඉරාන තරුණ පරපුර අතර බාහිර ලෝකය සමඟ සම්බන්ධවීමට මහත් උනන්දුවක් තිබෙන අතර ආගමික අන්තවාදයට ඔවුන් අතර කැමැත්තක් නැත. මෙම මැතිවරණයේදී කොමේනී පවා හුසේන් රොහානිට විරුද්ධව සිටි නමුත් ඔහුගේ ජයග්‍රහණයෙන් පෙන්වන්නේ ආගමික අන්තවාදය බහුතරය විසින් ප්‍රතික්ෂේප කරන බවයි.

රොහානි සිය ජනාධිපතිවරණ සටන් පාඨ ලෙස යොදා ගත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීමේ සහ අන්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාවයයි. ඔහුගේ දෙවන ධුරකාලයෙහි දී ආර්ථික සංවර්ධනය ප්‍රධාන අභියෝගය බවට පත්වනු ඇතියි කියැවේ. පරාජය වූ රෙයිසිගේ ප්‍රධාන වෝදනාව වූයේ ජනාධිපති රෙහානි යටතේ රටේ ජනයාගේ එදිනෙදා ජිවිතය දියුණූ වී නැති බවයි.

එමෙන්ම මෙම මැතිවරණ ප්‍රතිපලය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඉරාන ජනයාගේ සහ විශේෂයෙන්ම තරුණ ජනයාගේ කැමැත්ත පෙන්නුම් කිරීමකි. එය අද  ලෝකයේ ප්‍රධාන දේශපාලන ධාරාවයි.

(එස්.ඩී)

Archive

Latest news

Related news