Friday, March 29, 2024

ඉසේප්‍රියා රගුනාතන්

1982 යාපනේ ඩෙල්ෆ්ට් වල ඉපදුනේ.. වෙම්බඩි කාන්තා පාසලේ උසස් පෙල දක්වා හදාරලා ඊට පස්සෙ නීතිවේදය ඉගෙන ගෙන කිලිනොච්චි දිසා අදිකරනයේ නීතිඥවරියක් ලෙස ටික කලක් සේවය කලා. පසුව දෙමල විමුක්ති කොටි සංවිධානයේ බලපෑම් මත එල්ටීටීඊ මාධ්‍ය ජාලය වෙන ටැමිල් නෙට් එකේ සහ ඔලිවිච්චි රූපවාහිනියේ නිවේදිකාවක් උනා ඒ 1998 ඉදලා 2002 දි කසාද බැන්දා මහත්තයා ත්‍යවයියා කන්දසිවරාජ්..

මොරටුව විශ්වවිද්‍යාලයීය මිකැනිකල් ඉංජිනියර් කෙනෙක්.. දුවෙක් හිටියා.. ඉසේප්‍රියා ගායිකාවක් දෙමල විමුක්ති ගීත සහ තමිල් විදතලී චිත්‍රයටයේ ප්‍රදාන නිලිය වුනා.. tamil net එකේ ප්‍රදාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නිය.. 2007 කොකාවිල් සම්ප්‍රේක්ශනාගාරය හමුදා පාලනයට අහුවුනාට පස්සෙ මුල්ලිවයිකාල් රෝහලේ ස්වේච්ඡා හෙදියක් ලෙස සේවය කලා.. ඇය පිලිබද අවසාන සාක්ෂිය එහි සේවය කල වෛද්‍ය සෙල්වි… 2009.5. 11 වෙනකොට 53 සේනාංකයෙ 09 sr සිංහ රෙජිමේන්තුවේ අත්අඩංගුවට පත්වෙනවා ඉන් පස්සෙ කිසිම තොරතුරක් නෑ.

.. 2010 3 මාසෙ වෙනකොට යුද හමුදා සෙබලුන් දුරකතන වලින් වීඩියෝ කරපු අමානුෂික වීඩියෝ පට ගොඩාක් අන්තර්ජාලේ සැරි සරනවා.. ..මේ වීඩියෝ එකක ඉසේප්‍රියා ඉන්නවා.. ඒත් ඉසේප්‍රියා බාරවුන ලිස්ට් එකේ නෑ මැනික් ෆාම් සහ ඩොලර් ෆාම් වලත් හිටියේ නෑ… ඒ වීඩියෝ වල පැහැදිලිව තියෙනවා ඉසේප්‍රියා නිර්වත් කරන අයුරු.. සහ නිර්වස්ත්‍රව අත් බැද දමා හමුදා සෙබලුන් අවට ඉන්න හැටි.. පස්සෙ ඉසේප්‍රියා දූෂණය කලා නොකියා දූෂණය වෙලා කියලා අමූලික බොරුවක් යුද හමුදා ව කියනවා..

ඒත් නිශ්චිතවම ඉසේප්‍රියා නොහොත් එල්ටීටීඊ මාධ්‍යවේදිනිය බාර ගත් බවට යුද හමුදාව 2009 වාර්තා කලා.

එහෙම නම් ඇයට මොකද උනේ……දෙමල ඩයස්පෝරාව මේ දූෂණය තමන්ගෙ පැත්තට අරන් වාසි ගන්න ඉසේප්‍රියා යොදාගත්තා.. හරියට මහින්ද රණවිරුවන්ගේ නම විකුනමින් රට කෑවා වගේ.. ඉසේප්‍රියා සදහටම වැලලුනා.. ..ඉසේප්‍රියා ගේ දුවත් ගුවන් ප්‍රහාරයකින් මිය ගියා මහත්තයත් ඝාතනය උනා… ඝාතනය කලාට පස්සෙ ඩයස්පෝරා කාරයො උන්ගේ වාසියට ඉසේප්‍රියා ට මේජර් පට්ටමක් ගහනවා..ඒත් එයා හිටියේ මිනිස්සුන්ගෙ පැත්තේ.. ඒකයි ඇත්ත

ඉසේප්‍රියාලා විතරක් නෙමේ මනම්පේරි ලත් දූෂණය උනා..එහෙනම් මේක දෙමල කෙල්ලෙක් ගේ දෙයක් විදියට මනින්න බෑ… මොකද මෙ අමානුෂිකත්වයට ජාති කුල ආගමක් අදාල කරගෙන නැති බව ඉතිහාසය තුලින් පාඩම් ඕනෑ තරම් තියෙනවා…

රජයේ හමුදාවක් හැසිරිය යුත්තේ ත්‍රස්තවාදී මිලේච්ඡයන් ලෙසද…

ඒ වගේම ඉසේප්‍රියා දූෂණය කලේ සමස්ත යුද හමුදාවම නෙමේ.. ඉතින් හෙටත් ඉසේප්‍රියාලා මනම්පේරිලා දූෂණය නොවෙයි කියන්න අපට පුලුවන්ද…

බෑ…

යුද හමුදාවම යුද අපරාධ කලේ නෑ..ඒත් කරපු අමණයන් ඇතුලේ හංගන් ඉන්න එකෙන් වෙන්නේ හමුදාවේ නම කැත වෙන එක පමණයි..

චරිත් ජනප්‍රිය/ Ceylon journals 

Archive

Latest news

Related news