Friday, April 26, 2024

මසකට ලක්ෂ 235ක් ගෙවන පාලුවට ගිය සබීතා ගොඩනැගිල්ල අගමැති ජාවාරමක්

ජායාරූපය: අගමැතිගේ ගජ මිතුරාට කෝටි ගණනින් ගෙවා හිස් ගොඩනැගිල්ලක් පවත්වා ගෙන යන්නේ ඇයි? – උලපනේ සුමංගල හිමි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෝටි ගණනින් ලබාගත් ගොඩනැගිල්ල අගමැතිවරයාගේ ජාවාරමක් බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී බදු පදනම මත ලබාගෙන ඇති බවත් ඩී.පී. ජයසිංහ සහ සමාගම සතු අංක 288, ශ්‍රී ජයවර්ධනපුර පාර, කෝට්ටේ හි පිහිටි මෙම ගොඩනැගිල්ල ‘සබීතාගේ ගොඩනැගිල්ල’ ලෙස ජනතාව හදුන්වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නෝය.

මෙම ගොඩනැඟිල්ලට මසකට මහජන මුදලින් ලක්ෂ 235ක් ගෙවන නමුත් මේ තාක් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නැත. වෙසක් අත්සවය වෙනුවන් මෙම ගොඩනැගිල්ල සැරසිම සඳහා ලක්ෂ 28ක් මහජන මුදල් වැය කරන ලදී.

වැඩකට නොගෙන පවතින එම ගොඩනැගිල්ලේ  බදු ගිවිසුම් අවසන් කළ යුතු බව ද එහිමියෝ පවසති. මේ බව සඳහන් කරන ලද්දේ දූෂණ විරෝධි  පෙරමුණ විසින්   16වන දින  පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය‍.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ‘ගොවිජන මන්දිරය’ පාර්ලිමේන්තුවට පවරාදීම අගමැතිවරයාගේ  ගෙ එන ලද යෝජනාව විය. ගොඩනැගිල්අල අයත්ගවන්මැනේ අගමැතිවරයාගේ  සිය ගජ මිතුරකුටය.

 

Archive

Latest news

Related news