Sunday, April 28, 2024

මාධ්‍යවේදී රශීඞ් ඝාතනය හෙළා දකින උද්ඝෝෂණය 08දා මාලදිවයින් තානාපති කාර්යාලය අභියස

ජායාරූපය: යමීන් රශිඩ් අතුරුදහන් වූ මාලදිවයින් මාධ්‍ය වේදී අහ්මඞ් රිල්වාන් සොයා ගැනීමේ උද්ඝෝෂණයේ අවස්ථාවකදී.

මෑතකදී ඝාතනයකෙරුණු මාලදිවයින් ජාතික මාධ්‍ය වේදී  බොල්ග් රචක යමීන් රශීඞ් වෙනුවෙන් ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කි‍්‍රයාකාරීන්, ජනමාධ්‍යවේදීන්, සහ සිවිල් සමාජ නියෝජිතයන් රාශියකගෙන් සැදුම් ලත් එකතුවක් විසින් මෙම මස 08 වන සඳුදා දින කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලය (අංක 25, මෙල්බර්න් මාවත, කොළඹ 04* ඉදිරිපිට දී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

The Daily Panic නමින් වූ බ්ලෝග් අඩවියක් පවත්වාගෙන ගිය යමීන් වර්තමාන මාලදිවයිනෙහි කි‍්‍රයාත්මක ඒකාධිපති දේශපාලනයට සහ ආගමික අන්තවාදයට විරුද්ධව හඬ අවදිකළ ප‍්‍රමුඛ පෙළ විවේචකයෙකු විය. 2014 වර්ෂයේදී අතුරුදහන් වූ අවස්ථාවේ සිටම මේ දක්වාත් කිසිඳු තොරතුරුක් දැනැගැනීමට නොමැති මාලදිවයින් ජාතික විමර්ශන ජනමාධ්‍යවේදියෙකු වූ අහ්මඞ් රිල්වාන් (මොහු Moyameehaa නමැති ට්විටර් නාමයෙන්ද හැඳින්වේ* වෙනුවෙන් දිගින් දිගටම අරගල කළ යමීන් ඒ වෙනුවෙන්  #FindMoyameehaa  නමින් වූ දැනුවත්කිරීම් ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන ලදි.

මාලදිවයිනේ මාලේ නුවර ඔහුගේ තට්ටු නිවාසයට පිවිසෙන පියගැටපෙල මත පසුගිය අපේ‍්‍රල් 23 වන ඉරිදා උදෑසන යාමීන්ව සොයාගැනෙන විට ඔහු දරුණු පිහිඇනුම් පහරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි. 2014 වර්ෂයේ සිටම ආගමික අන්තවාදීන් විසින් එල්ලකළ ජීවිත හානි තර්ජනයන්ට දිගින් දිගටම මුහුණ දුන් යමීන් එවැනි තර්ජනයන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම මාලදිවයින් පොලීසියටද පැමිණිලි කර තිබිණි. කෙසේ වුවත් පසුගිය ඉරිදා දින යමීන්ගේ මරණය සිදුවන අවස්ථාව තෙක්ම එකී පැමිණිලි සම්බන්ධයෙන් කිසිවක්ම සිදුකරන්නට පොලීසිය අසමත්ව තිබිණි.

මීට දින කිහිපයකට ඉහත ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි යමීන්ගේ පියා, හුසෙයින් රශීඞ් එම ගමනේදී තම පුත‍්‍රයා මරා දැමීමේ සිද්ධිය, අහ්මඞ් රිල්වානේගේ අතුරුදහන්වීමේ සිද්ධිය සහ අනෙකුත් දේශපාලනමය හා ආගමික ප‍්‍රචණ්ඩ සහ බලහත්කාරී කි‍්‍රයාවන් සම්බන්ධයෙන් දැනට කි‍්‍රයාත්මක පරීක්ෂණ පුලූල් කරන ලෙස මාලදිවයින් රජයට බලකරන්නැයි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රජාව වෙතින් ඉල්ලා සිටියහ.

මීට පෙර ශී‍්‍ර ලංකාවේ සිවිල් සමාජ නියෝජිතයන් ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉහත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කරන්නටද කටයුතු කළහ.

උද්ඝෝෂණය සඳහා ඊළඟ සඳුදා දින අප සමග එකතුවනන්න.

Archive

Latest news

Related news