Sunday, April 28, 2024

ආණ්ඩුවේ ත්‍රස්තවාද විරෝධී කෙටුම්පත හිංසාවට ඉඩ දෙන, මාධ්‍ය මැඩළන පනතක් – දෙමළ ජාතික සන්ධානය

ජායාරූපය: අප ත්‍රස්තවාදීන් නොවන බවත් අපව නිහඬ කිරීමට දරණ උත්සාහයන් නතර කරන ලෙසත් ඉල්ලමින් ලෝක ජනමාධ්‍ය දිනයෙහි යාපනයේ විරෝධතාවයේ යෙදුණූ ජනමාධ්‍ය වෙිදීන්. credit: Tamil Guardian.

අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 25දින අනුමත කර ඇති නව ත්‍රස්තවාද විරෝධී පනත සඳහා ප්‍රතිපත්තිමය සහ නීති රාමුව නිසා තමන් කම්පනයට පත්ව සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. පුවත් පත් ප්‍රකාශණයක් නිකුත් කරන එහි ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී එම් .ඒ. සුමන්දිරින් කියන්නේ මෙම මෙම කෙටුම්පත් රාමුව විසින් මෙරට සිවිල් අයිතිවාසිකම් කප්පාදු කරන බවත් රාජ්‍ය ආරක්ෂක ආයතන මත ඇති අධිකරණමය පාලනය ඛාදනය කරන බවත් ය.

තමන් නීත්‍යානුකූලව, මූලික මානව හිමිකම්වලට සහ නීතියේ පාලනයට අනුකූළව ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ඊට දඩුවම් කිරීමේ නීතිමය රාමුවකට  සහමුලින්ම සහාය දෙන බව ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ මෙම  වත්මන් කෙටුම්පත්  සකස් වී අන්දම සම්බන්ධයෙන් මහත්සේ කණස්සල්ලට පත්වන බවයි.

මෙම යෝජිත පනත් කතා කිරීමේ නිදහස අවුරාලන බවත්මාධ්‍ය වේදී තිසෙයිනායගම් සිරගත කිරීමට යොදා ගත් වගන්ති එළෙසම පවත්නා බවත් එය පෙන්නුම් කරයි.

( මේ අතර ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ඉන්දුනිසියවෙහි පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුනාරත්න පරණවිතාන කියා තිබුණේ ශ්‍රී ලංකාවෙහි පූර්ණ මානව නිදහසක් ඇති කිරීමට තමන් කටයුතු කඑන බවයි.)

ඉංග්‍රිසි බසින් කරන ලද එම පුවත් පත් නිවේදනයේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් කරන ලද සිංහල පරිවර්ථනය පහත පළවේ.

2017 මැයි 04 පුවත් පත් ප්‍රකාශණය

යෝජිත ත්‍රස්තවාද විරෝධී පනතට සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්තිමය සහ නීති රාමුව පිළිබඳව දෙමළ ජාතික සන්ධානය බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටී. පසුගිය අප්‍රේල් 25දා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව පත්‍රිකාව බව පෙනෙන පසුගියදා පුවත්පත්හි පළ වූ කෙටුම්පත් රාමුව පිළිබඳව ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ අදහස් විමසුවේ ද නැත.

මෙම කෙටුම්පත් රාමුව විසින් මෙරට සිවිල් අයිතිවාසිකම් කප්පාදු කරන්නාවූත් රාජ්‍ය ආරක්ෂක ආයතන මත ඇති අධිකරණමය පාලනය ඛාදනය කරන්නාවූත් ප්‍රමාණය මෙන්ම එය විසින් අපචාරයන් සහ වධහිංසා පැමිනවීම් සදහා ඇති කළ හැකි මහත් ඉඩකඩ නිසාත් දෙමළ ජාතික සන්ධානය කම්පාවට පත් වෙයි. නීත්‍යානුකූලව, මූලික මානව හිමිකම්වලට සහ නීතියේ පාලනයට අනුකූළව ත්‍රස්තවාදය වැළැක්වීමේ සහ ඊට දඩුවම් කිරීමේ නීතිමය රාමුවකට අපි සහමුලින්ම සහාය දෙමු. මේ අරමුණින් අපි පාර්ලිමේන්තුවෙහිදී අදහස් දක්වා ඇත්තෙමු. එසේ තිබියදීත්  ආණ්ඩුවේ මෙම වතමන්කෙටුම්පත සකස්කර වී අන්දම සම්බන්ධයෙන් අපි මහත්සේ කණස්සල්ලට පත්වෙමු.

මෙම කෙටුම්පතෙහි ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර ඇති ආකාරය අන්තර් ජාතික වශයෙන් ත්‍රස්තවාදය නිර්වචනය කර ඇති ආකාරයට වඩා ඉතා පුළුල්ය. එමගින් මෙයට පෙර අසාද් සාලි සහ ජේ.එස්. තිසෙයිනායගම් වැනි දේශපාලනඥයින් සහ ජනමාධ්‍යවේදීන් මෙන්ම තවත් අයට දඩුවම් කිරිමට යොදාගත් කතා කිරීමේ නිදහසට පැනවී තිබූ සීමා යළි ඇතුල් කර තිබේ. ඊට අදාළ අර්ථදැක්වීම් අතිශය අපැහැදිළි අතර අතීරණාත්මකද වේ. එමගින් ශ්‍රී ලංකාවෙහි පුළුල් විවිධත්වයක් ඇති කිරීමට දැරෙන අධිවාචනයන්ට දරුණු පහරක් වදිනු ඇත.

තවද මෙකී යෝජිත රාමුව විසින් සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු හමුවට පත් කැරෙන අවස්ථාවකදී පවා අධිකරණයමය බලය ව්‍යවස්ථානුකූල නොවන ලෙස අහෝසි කිරීමට ඉඩ සළසයි. එමෙන්ම එය විසින් විනිසුරුවරයා හෝ වරිය එහැම පිටින්ම විධායකයේ උපාංගයක් බවට පත් කරයි. වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය යැයි අප විශ්වාස කරන පාපෝච්චාරණ අහෝසි කිරීම වැනි ආරක්ෂනයන් ඇතිකරනු ඇතැයි කලින් පොරොන්දු වුවද මෙම වත්මන් කෙටුම්පතෙහි එසේ කර නැත. වර්තමාන කෙටුම්පත යම් යම් තත්වයන් යටතේ පාපෝච්චාරන පිළිගත හැකියැයි සළකා තිබේ. එවැනි සීමා කිරීමක් ශ්‍රී ලංකාවෙහි පැතිර පවත්නා සහ දිගින් දිගටම සිදුවන වධහිංසා සහ අපචාරයන් වැළැක්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එපමණක් නොව පනත් කෙටුම්පත ත්‍රස්තවාදයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයින්ගේද අයිතීන් පුළුල්ව කෙළෙසීමට අවසර දෙයි.

වධහිංසා පැමිණවීම සහ බලහත්කාර අතුරුදහන්වීම් නතරකිරීමේ සහ අපචාරයන් වළක්වා සැබෑ ත්‍රස්තවාදී ක්‍රියාවන් පරීක්ෂා කිරීමේ මූලධර්මීය අවශ්‍යතාවය මත මෙම යෝජනා යළි සළකා බලා වහාම යළි සූත්‍රගත කරන සේ දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. යෝජිත පනත් රාමුව ශ්‍රී ලංකිකයින්ගේ ආරක්ෂාව හෝ නිදහස හෝ සහතික කරන්නේ නැත. ඒ වෙනුවට එමගින් කැරෙන්නේ පුරවැසියා මත ඇති අපාලිත විධායක බලයේ විශය තවත් විශාල කිරීමත්, කතා කිරීමේ නිදහස සහ විවිධත්වය හිර කිරීමත්ය. එමෙන්ම වධහිංසා පැමිණවීම සහ අපචාරයන් සඳහා අවශ්‍ය සිදුරු නිර්මාණය කරදීමත්ය.

අපේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම -විශේෂයෙන්ම අතීත අපචාරයන්හි බියජනක උරුමය ද සැළකිල්ලට ගෙන – වෙළද වාසි නම් අල්තාරය හමුවේ පුජා නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

පා.ම. එම්.ඒ. සුමන්දිරන්
ප්‍රකාශක, දෙමළ ජාතික සන්ධානය.

Archive

Latest news

Related news