Monday, May 13, 2024

වනාන්තර ගැසට් නිවේදනය මගින් ජනපති ඇදගෙනම නා ගනී

ජයාරූප: මරිච්චකට්ටු ජනයා ජනපති ගැසට් නිවේදනයට එරෙහිව පාරට බසී. (පින්තූරය ගරිකාලන්)

ජනපති සිරිසේන විසින් නිතුක් කරන ලද වනාන්තර පුළුල් කිරීමේ ගැසට් නිවේදනය සුලතර ජනයා තවදුරටත් ආණ්ඩුව කෙරෙහි කළකිරවන අදූරදර්ශී පියවරක් බව උතුරු ආරංවි මාර්ග පෙන්වා දෙයි.

මෙම ගැසට්ම නිවේදනයට එරෙහිව න්නාරමේ මුස්ලිම් වැසියන් විශාල පිරිසක් මාර්තු 31 දා දහවල් මන්නාරම මරිච්චකට්ටු මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට සිට මහාමාර්ග ඔස්සේ පෙලපාලි දැක්වූහ.

ජනාධිපතිවරයා විසින් විල්පත්තු අභය භූමියෙන් උතුරු පළාතට වූ වනාන්තර ප්‍රදේශය රක්ෂිත කලාපයක් කිරීම නිසා තමන්ගේ ඉඩම් අහිමි වන බව ඔව්හු කියා සිටිති.

මරිච්චකට්ටු විරෝධය

රක්ෂිත වනාන්තරය ලෙස නම් කළ ප්‍රදේශය තුළ තමන් පදිංචි නිවාස,දේවස්ථාන පාසල්,තැපැල් කාර්යාල ඇතුළු බොහෝ දේ පිහිටා ඇති බැවින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරණ මෙන් විරෝධතාකරුවෝ ඉල්ලා සිටින බව වව්නියාවේ සිට වාර්තා කරන දිනසේන රතුගමගේ කියා සිටියි.

1990 වර්ෂයේදී මුස්ලිම් වැසියන් යුද්ධය හේතුවෙන් අනාථ වී පුත්තලමට ගොස් ආපසු 2011 වර්ෂයේ යළි පදිංචි වූ බව පෙන්වා දෙන විරෝධතාකරුවෝ නව ගැසට් නිවේදනය නිසා පළාතේ ඉඩම් අක්කර ලක්ෂයක් පමණ මුස්ලිම් වැසියන්ට අහිමිවී යන බවද පෙන්වා දෙන බවද ඔහු ලංකා ඊ නිව්ස් වෙත වාර්තා කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නව ගැසට් නිවේදනය අවලංගු කරණ මෙන් ඉල්ලා මන්නාරමේ මරිච්චිකට්ටු මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට  මුස්ලිම් වැසියන් පිරිසක් විසින් මීට දින හතරකට පෙර ආරම්භ කරණ ලද අඛණ්ඩ විරෝධතාවය  දිගටම පවතී.

මරිච්චකට්ටු පෙළපාලි

 

Archive

Latest news

Related news