Sunday, May 12, 2024

විදුලි බල කොමිස් කන්න අැමැති ඇමැති අජිත් සී. පෙරේරාත් පිදුරුලාගල නැග්ගද?

සකස්කරන ලද ජයාරූපය: මහත්වරු වගේ ඉන්න දේශපාලන්යින්ට මෙහෙම වෙන්නේ මොන රටේද?

රජිත් කිර්ති තෙන්නකෝන්.

දේශප්‍රේමය යනු හොරකමට කියන සමාන පදය නම් ‘විදුලිබල අමාත්‍යාංශය’ දේශප්‍රේමයේ පිදුරුතලාගල මුදුණටම ආසන්නය.

අද පැවති පුවත්පත් සාකච්ඡාවක දී කෙළවරපිටිය විදුලි බලාගාරය ව්‍යාපෘතියට විරුද්ධවන වන කීර්ති තෙන්නකෝන් – උපුල් ජයසූරිය දේශද්‍රෝහීන් යැයි රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කොට ඇත.

මේ පිළිබද නිවේදනයක් නිකුත් කරන දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා ” යහපාලන රජය යටතේ බැදුම්කරයට පමණක් දෙවැනි දුෂිත ගණුදෙනු සිදුවෙමින් පවතින්නේ විදුලිබල අමාත්‍යාංශයේ ය. ගල් අගුරු මිලදී ගැනීම, පුද්ගලික ඩීසල් විදුලි මාෆියාව, ජෙනරේටර් මිලදී ගැනීම සහ දැන් ආරම්භවන කෙරවලපිටිය නමට ගෑස් – ඇත්තට ඩීසල් බලාගාරය මේ ක්‍රියාවලියේ ප්‍රධාන අංග වෙති. ”

දුෂණ විරෝධී පෙරමුණ විසින් මෙම ක්‍රියාවලිය පසුගිය වසරකට වැඩි කලක් දිගින් දිගටම අනාවරණය කොට ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා ‘සන්ඩේ ටයිම්ස්’ හා ‘ද අයිලන්ඩ්’ පුවත්පත් මගින් විදුලිබල මණ්ඩලය හා අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ විදුලිබල කේෂ්ත්‍රයේ ආයෝජන අවහිර කරන අයුරු හෙළි කොට ඇත.

2017 ජනවාරි 15 සිට අද දක්වා ගල්අගුරු මිලදී ගැනීම තුලින් පමණක් විදුලිබල අමාත්‍යාංශය රටට රුපියල් මිලියන 1953 ක් පාඩුවක් සිදු කොට ඇත. ඒ ස්පොට් ටෙන්ඩර් මගින් ටොන් එකක් ඩොලර් 78 මිලදී ගත හැකිව තිබිය දී, සුවිස් සිංගප්පූර් සමාගමෙන් ටොන් එකක් ඩොලර් 91.75 කට මිල දී ගැනීම තුළිනි. මෙය විදුලිබල අමාත්‍යාංශයේ දේශප්‍රේමය නම් මේ ණය ගෙවන්නට සිදුවන්නේ රට පර්චස් ගානට විකුණමිනි.

ඩීසල් විදුලි මාෆියාව ඒකකයක් රු. 28 බැගින් විදුලි පාරිභෝගිකයා සූරා කමින් සිටී. එය රජයට විදයමක් නොමැතිව රු. 10 ට ලබා දිය හැකි බව කියන ආයෝජන මණ්ඩලය දේශද්‍රෝහී යැයි රාජ්‍ය ඇමති අජිත් පී.පෙරේරා පවසයි. ඔහුගේ දේශප්‍රේමය වී ඇත්තේ එක් විදුලි ඒකකයින් රු. 14 ක් පාඩු ලබමින් මේ රටේ බදු මුදල් කාබාසිනියා කිරීම විය යුතුය.

දුෂණ විරෝධී පෙරමුණ පවසන්නේ ‘දේශප්‍රේමය’ යනු හොරකමට කියන සමාන පදය නම් ‘විදුලිබල අමාත්‍යාංශය’ දේශප්‍රේමයේ පිදුරුතලාගල මුදුණටම ආසන්න වෙමින් ඇති බව යැයි කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Archive

Latest news

Related news