Tuesday, July 16, 2024

දිවයින කර්තෘට අභියෝගයක්! – සුනන්ද දේශප්‍රිය

දිවයින පුවත්පතෙහි මෙම මස මාර්තු 31වන කීර්ති වර්ණකුලසූරිය නමින් ලියන ලද ලිපියෙහි එන පහත සඳහන් ජේදය ඔප්පු කරන ලෙස දිවයින කර්තෘවරයාට මෙයින් අභියෝග කරමි.

“මින් එක්‌ අයෙකු සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් නැමැති 71 කේ ප්‍රචණ්‌ඩකාරියාට ස්‌විස්‌ ජනතාවගේ මුදලින් පිං පඩියක්‌ද ලැබේ. ඔහු සුපිරි පහසුකම්ද ලබයි. ජිනීවා මානව හිමිකම් කවුන්සලය යනු ඔහුගේ එකම රැකියාවයි.”

මේ පිළිබඳව මවිසින් ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයට සහ පුවත්පත් කවුන්සිලයට පැමිණිළි කිරීමට අපේක්ෂා කරමි.

කර්තෘවරයාගේ වගකීම සිය පුවත් පතෙහි පළ වන කරුණූ සත්‍ය බවට සොයා බැලීම බැවින් මේ කාරණය ඔප්පු කළ නොහැකි නම් මහතමයකු සේ නිවැරදි කිරීමක් පළ කිරීම ඔහුගේ යුතුකමය.

Archive

Latest news

Related news