Monday, May 13, 2024

විපතට පත් ජනමාධ්‍යවේදීන්ට ජනපති ලේකම් අබේකෝන්ගෙන් නිග්‍රහයක්

රාජපක්ෂ සමයෙහි විපතට පත් ජනමාධ්‍යවේදීන්ට වන්දි ලබාදීම සඳහා යැයි අඬබෙර ගසා ජනාධිපති  ලේකම් කාර්යාලය විසින් ජනමාධ්‍ය වින්දිතයන්ගෙන් අයැදුම් පත් කැඳවීමක් කෙළේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය. එම කාර්ය ජනාධිපති අතිරේක ලේකම් වරයෙකු යටතට පත් කරන ලදී. එය බාරව සිටි අතිරේක ලේකම්වරයා හදිසියේම දකුණු පළාතේ රාජ්‍ය සේවයට මාරු වී යෑම නිසා අයැදුම් පත් විමර්ශනය අඩාල විය. පසුව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ යටතට විමර්ශනය පැවරිණ. විමර්ශන නිමාවී ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නැයි ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා වෙත ලිපි ගොනුව යැවුනේ පසුගිය දෙසැම්බරයේ ය.

අබේකෝන් කාණ්ඩ 3 කට වන්දි ගෙවිමට නිර්දේශ කර තිබුණි.  ඒ අනුව  ඉහලම වන්දිය වන්දිය රු. ලක්ෂයයි. ඊ ලඟ  වන්දිය රු. පනස් දහසයි සහ කුඩාම වන්දිය රු. විසිපන් දහසකි.

මේ වනාහී මේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන්ට කරන ලද තවත් නිගරුවක් බව බොහෝ දෙනෙකුගේ අදහස වි තිබේ.

රාජපක්ෂලා සිරගෙදර මරා දැමූ සිරකරුවෙකුට පවා වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 ක් ගෙවීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබේ. එසේ තබියදී රාජපක්ෂලා අතුරුදහන් කළ මාධ්‍යවේදියෙකුට රුපියල් ලක්ෂයක් පමණක් ගෙවීමමට ජනාධිපති කාර්යාලය දැන් තිරණය කර තිබේ. අබේකෝන් නිර්දේශ අන්ව ඝාතනය කරන ලද ලසන්ත වික්‍රමතුංගට වන්දි මුදලක් නිර්දේශ කර තිබුණේ ද නැත.ඊට හේතුව හේතුව ලසන්ත වික්‍රමතුංග අබේකෝන්ට අයැදුම් පතක් ඉදිරිපත් නොකිරීම විය හැකිය. ලසන්තගේ බිරිද සහ සහෝදරයා වන ලාල් වික්‍රමතුංග යන දෙදෙනාම දැන් රනිල් වික්‍රමසිංහගෙන් තානාපති කාර්යාල රැකියා ලබා සුවෙන් වෙසෙන නිසාද විය හැකිය.

ජනාධිපති සිරිසේන යටතේ කරන ලද සොච්චම් වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව තිරණය කළ ඇමැති මණ්ඩලය දැන් එහි ඇති අඩු පාඩු නිවැරදි කර යලි යෝජනාවක් සකස් කිරීම සඳහා කැබිනට් අනු මණ්ඩලයක් පත් කර තිබේ. ඒ සඳහා විදේශ ඇමැති මංගල සමරවීර, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක  නම් කර ඇත.

රජපක්ෂ සමයෙහි විපතට පත් ජනමාධ්‍යවේදීන්ට ජනාධිපති සිරිසේන වන්දි ගෙවන්නට යන්නේ බලුකපුටු දානයක් ලෙස යැයි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ  විපතට පත් ජනමාධ්‍යවේදියකු පැවැසිය.

–  ලංකා ඊ නිව්ස් වාර්තාවක් ඇසුරෙන් සකස් කරන ලදී.

 

Archive

Latest news

Related news