Tuesday, July 16, 2024

වීඩියෝ: සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා

අද්මිරාල් වීරසේකර රාජ්‍ය නොව සංවිධාන බැජ් පැළදගෙන ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩළයට පැමිණ ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතින්ගේ නියෝජිතයෙක් එවන ලෙස යැයි නිමල්කා ප්‍රනාන්දු කියයි. ( වීඩියෝව පහතින් බලන්න.)

ඇය මේ බව කියා සිටියේ අද උදෑසන ඇයගේ නිවෙස ඉදිරිපිට පැවැති අතලොස්සක් වූ පිරිසකගේ උද්ඝෝෂණයකට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා බ්‍රිප් සමඟ කතා කරමිනි.

සරත් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය හමුවෙහි කළ සිය ප්‍රකාශය මගින් ඉල්ලා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ (2015) වාර්තාව අසත්‍ය බැවින් එය පිළිබඳ සොයා බැලීම සඳහා එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජාතයකු පත් ක රන ලෙසය. එම යෝජනාව පිළිගෙන එවැනි නියෝජිතයකු පත් කර ගත හැකි නම් ශ්‍රී ලංකාවට එය ඉතා වැදගත් වනු ඇත. මන්ද යත් එවිට යුද අපරාධ සිදුවුයේද නැත්ද යන්න එවැනි නියෝජිතයකුට ශ්‍රී ලංකාවට පැමිණ සොයා බැලිය හැක.

ඇත්ත වශයෙන්ම මෙරට මානව හිමිකම් සංවිධාන පවා කියා සිටියේ එක්සත් ජාතින්ට මෙරටට පැමිණ ඇත්ත තත්වය සොයා බැලීමට අවස්ථාව සළසා දෙන ලෙසය.

රාජපක්ෂගේ විපක්ෂය නියෝජනය කරමින් ජිනීවා නුවරට පැමිණි සරත් විරසේකර විසින් කරන ලද යෝජනාව මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකවෙහි පිහිටුවීමට කැරෙන ඉල්ලීමටත් වඩා දුර දිග යන එකකි.

Archive

Latest news

Related news