Tuesday, July 16, 2024

යූඇන්පී පාලනය යටතේ ඇති ලේක්හවුසිය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

ලේක් හවුසිය නත්තල් දා රෑ  ©s.deshapriya.

ආණ්ඩුව ආරම්භයේදී ‘එජාපයට බාරදුන්‘ ස්වාධීන පුවත්පත් සමාගම නොහොත් ලේක්හවුසිය ගැන පරීක්ෂා කර බලා වාර්තා කිරිමට ජනාධිපති සිරිසේන කමිටුවක් පත් කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ විසින් ලේක්හවුසිය කරගෙන යෑම පිනිස  ඇමැති සාගල රත්නායකගේ සහෝදරයකු වන කාවන් රත්නායක පත් කර එහි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස සමන් වගාරච්චි පත් කරන ලදී.

නව ආණ්ඩුව යටතේ ස්වාධීන මාධ්‍ය භාවිතාවකට ඉඩ සැළසෙනු ඇතැයි සිතා සන්ඩේ ඔබ්සෝවර් පත්‍රයට සම්බන්ධ වූ ප්‍රවීන ජනමාධ්‍ය වේදිනියන් දෙදෙනෛකු වූ හානා ඊබ්‍රාහිම් සහ දිල්රුක්ෂි හදුන්නෙත්ති යන දෙදෙනාට එජාප පාක්ෂික ලේක්හවුස් පාලකයින් පල නොකියා පලා බෙදා පලවා හරින ලදි. එහි කර්තෘ වශයෙන් පත් වූ වන්ද්‍රිකා සමයෙහි ස්වාධීනව ඔබ්සෝවර් පතය කරගෙන ගිය ලක්ෂ්මන් ගුණසේකර සිටියදීම රනිල්වාදි ඩේලිනිව්ස් කතුවරයා වූ ලලිත් අලහකෝන්ට එම පුවත් පතද බාර දෙන ලද්දේ බලත්කාරයෙනි. නාමික කර්තෘ වූ ලක්ෂ්මන් ගුණසේකර ඔහුගේ කාමරයෙන්ද පලවා හරින ලදි. අවසානයේ දි වයස 55 සම්පූර්ණ වූ වහාම ඔහු විශ්‍රාම ගන්වන ලද නමුත් රනිල්වාදී පිරිස් 55 ඉක්මවූ පසු ලේක්හවුසියට බඳවා ගෙන ද තිබේ.

අද ලේක්හවුසිය යනු යූඇන්පීයේ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ආයතනයකි.

ලේක්හවුස් ආයතනයේ කටයුතු විධිමත් කිරීමට යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත්තේ මෙම පසුබිම යටතේය.

රාජා ප්‍රේමදාස, වී.ඩී දහනායක, නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න යන අය එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලේක්හවුස් ආයතනයේ පරිපාලන දුර්වලතා හඳුනාගැනීම, මූල්‍ය තත්ත්වය පිළිබඳ විමර්ශනය, සහ සේවක පරිපාලනය පිළිබඳ මෙම කමිටුව විසින් සොයා බැලීමටඑහි සඳහන් වේ.

අදාළ කමිටුවේ වාර්තාව මාස 3ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත බාරදිය යුතු අතර කමිටු වාර්තාව සැකසීමේදී සේවක හා මහජන අදහස් විමසීමද අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

 

 

Archive

Latest news

Related news