Tuesday, July 16, 2024

සංචාරක කර්මාන්තයට ජෝන් අමරතුංග පවුල් පිටින් සංචාරයේ!

ජායාරූපය: ජෝන් සහ රවි එකවල්ලේ පොල්!

සාචාරක අමාත්‍ය ජෝන් අමරතුංගට දැන් පවුල් පිටින් සංචාරයේ යෑමට අවස්ථාව උදා වි තිබේ.

පසුගිය සතියෙහි සංචාරක සම්මන්ත්‍රණයක් සඳහා ස්පාඥයට ඇමැති ජෝන් ගියේ ඔහුගේ පුද්ගලික ලේකම් සිය බෑණාග‍ේ පියා වන ලාල් රත්නායක සහ ඔහුගේ පුද්ගලික සහායිකාව වන සිය දියණියද කැටුවය. සියලු වියදම් මහජනයාගෙන් ලබා ගන්නා බදු මුදල් වලිනි.

ළඟදීම ඔහු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණූ කිරීම සඳහා ඊශ්‍රාලයට යෑමට සැළසුම් කර තිබේ. දින අටක් වන මෙම සංචාරයට ද ඇමැති, ඇමැති දියණිිය. ඇමැති බෑණාගේ පියා සහ තවත් උපදේශකයකු ඇතුළත් වනු ඇත.

කතෝලික බැතිමතකු වන ජෝන් අමරතුංග වරක් රාජපක්ෂ ජනාධිපති පසු පසින් රෝමයට ගොස් පාප්තුමාද හමුවිය. ඔහු රාජපක්ෂට එක්වීමට කුරුමානම් අල්ලමින් සිටි බව කියනු ලැබේ.

ආගමික බැතිමත් බව විසින් මිනිසකු සදාචාරවත් නොකරන බවට ජෝන් අමරතුංග අපූරු නිදසුනකි්‍

Archive

Latest news

Related news