Tuesday, July 16, 2024

තොරතුරු ලබා ගත හැකි සැටි සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්පූර්ණයෙන් මෙන්න

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු නිලධාරියකු  වෙත 01 දරණ අයදුම් පත‍්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත‍්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

01 අයදුම්පත‍්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් එ් අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
05. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප‍්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුල සිදු කරනු ඇත.
06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,

i. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම

ii. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප‍්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප‍්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම,

iii. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම,

iv. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප‍්‍රදානය කිරීම,
v.වැඩිපුර ගාස්තු අයකිරීම,
vi. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප‍්‍රතික්ෂේප කිරීම,
viii. එම තොරතුරු වෙත එම පුරවැසියා ප‍්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

ඔබේ ඉල්ලිමට ලද ප්‍රතාචාරය ගැන  අතෘප්තියට පත්වන්නේ නම් පනතෙහි නම් කර ඇති නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

සම්පූර්ණ පනත සිංහල බසින් මෙහි කියවන්න. පසු ප්‍රයෝජනාය සඳහා බා ගත කර ගන්න :Sri Lanka RTI-gaztte in Sinhlaa

Archive

Latest news

Related news