Friday, May 17, 2024

ජනතා මුදල් ලක්ෂ 660ක් 163න් වතාවකදී මහේන්ද්‍රන් හොරා කැ බව ජවිපෙ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වූ සමයේ එහි අධිපතව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා 163 වතාවකදී මහජන මුදල් ලක්ෂ 660ක් හොරකම් කර ඇතැයි ජවිපෙට සම්බන්ධ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

එම වාර්තාව පහතින් කියවන්න.

විගණන වාර්තා මෙන්න… දූෂණ විරෝධී හඬ දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට සූදානම් වෙයි…

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වූ සමයේ එහි අධිපතව සිටි අර්ජුන මහේන්ද්‍රන් මහතා 163 වතාවකදී මහජන මුදල් ලක්ෂ 660ක් හොරකම් කර ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විගණනයකිනි.

මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කරන්නේකුට කෙඩිට්කාඩි ගණුදෙණු සඳහා හිමි මුදල් ප්‍රමාණයද අතික්‍රමණය කරමින් ඔහු මෙම මුදල් භාවිතය සිදු කර ඇති අතර අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතවරයා ලෙස සිටි සමයේ ප්‍රසිද්ධ මිලදීගැනීමක් වූ ලක්ෂ 20ක් වටිනා යුරෝපීය ඇඳුම මිලදී ගෙන ඇත්ති ආකාරයද මෙම විගණන වාර්තාවෙන් එළියට පැමිණ තිබේ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙලෙස මහජන මුදල් කෝටී ගණනින් මහ බැංකුවෙන් වියදම් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරික ස්තානයකින් වයදම් කරන්නා සේ ය.

ඔහු එක් ඉන්දීය සමුළුවකට සහභාගී වූ අවස්ථාවක නවාතැන් පහසුකම් සඳහා එකම දිනයේ හෝටල් දෙකක බිල් ඉදිරිපත් කර තිබීමද විශේෂත්වයකි.

ඔහු සිය ක්‍රෙඩිට් කාඩ් භාවිතයේදී මාසික ක්‍රෙඩිට් කාඩි වියදම්වල සාමාන්‍ය ඉතා ඉහළ අගයක් වීම, ගෙවීම් සම්බන්ධයේන ඉන්වොයිස් නොතිබීම, අත්තිකාරම් පියවීම සඳහා පිළිගත නොහැකි ඉන්වොයිස් ඉදිරිපත් කිරීම, නිල වියදම් සඳහා විගණන සාක්ෂි නොතිබීම, පෞද්ගලික වියදම් පියවීම සඳහා ප්‍රමාද වීම, සිංගප්පූරූවේ දරන ලද පෞද්ගලික වියදම් නොපියවීම, පෞද්ගලික වියදම් සඳහා ගෙනෙන ලද මුද්දර ගාස්තු නොපියවීම, ක්‍රෙඩිට් කාඩ් පත සීමා ඉක්මවීම නිසා ගාස්තු ගෙවීම, අදාළ නොමැති වියදම් නිල වියදම් ලෙස සැලකීම, මිලදී ගැනීමේ ක්‍රියාමාර්ගයේදී මහ බැංකු නීති උල්ලංඝනය කිරිම, අධිපති නිල නිවසට ඉතා ආසන්න වෙනත් නවාතැන්වල සිටීම, ස්ථාවර ප්‍රාග්ධන නිසි ආකාරව ගිණුම් ගත නොකිරිම සහ භෞතිකව නොතිබීම, පරස්පර විරෝධී අගයන් වාර්තා වීම, මුදල් පියවීම සඳහා එකිනෙකට වෙනස් තොරතුරු සැපයීම, සුරාබදු නීති රීති උල්ලංඝණය කිරීම ආදිය සිදු කර ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ඔහුගේ විදේශ ගමන්වලදී මහ බැංකුවේ ගමන් දීමනා නීති – iii ලඝුව උල්ලංගණය කිරීම, එකම දිනයක එක හෝටලයකට වඩා වැඩි බිල්පත් ඉදිරිපත් කිරීම, නික්ම යාම/ගොඩබැසීම දිනයන් හි පරස්පර විරෝධී තත්වයන් තිබීම, හෝටල් වෙන් කිරීම සහ ගමන් බිලපත් පරස්පර විරෝධී තත්වයන් තිබීම, හොටල් වෙන් කිරීම සහ ගමන් බිල්පත් අත්හිටුවීමේදී විගණනයට සාක්ෂි නොතිබීම, වදේශ සංචාර නිතර අත්හිටුවීම, වැඩිපුර අමුත්තන් සඳහා නවාතැන් වෙන් කිරීම, අධික ගෙවීම් කිරීම අදී ක්‍රමිකතා සිදු කර තිබේ.

එමෙන්ම හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සංග්‍රහ කිරීම්වලදී අත්තිකාරම් පියවීම පිළිබඳ චක්‍රෙල්ඛණ උල්ලංගණය කිරීම, පියවීම් ලේඛණ ලබා දීමේ ප්‍රමාද දෝෂ, අත්තිකාරම් පාවිච්චි කිරීමේ අනුපාතය, අවසාන ඉන්වොයිස් තිබියදීත් අත්තිකාරම් ලබා ගැනීම ආදී අක්‍රමිකතා සිදුව ඇත.

මෙවැනි බරපතල අක්‍රමිකත, වංචා දූෂණ නිසා රුපියල් හැටහයකෝටි දෙලක්ෂ අසූදහස් හයසිය දහසයක (රු. 66280616) මහජන මුදලක් අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් විනාශ කර ඇති බව එම අභ්‍යන්තර විගණන වාර්තාවෙන් හෙළි දරුව් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියේ තක්කඩි හොරෙකු ලෙස මහජන මුදල් බරපතල ලෙසම විනාශ කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව තමන් නුදුරේදීම දූෂණ මර්ධණ කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කරන බවය.

විගණන වාර්තා අංක 01 

විගණන වාර්තා අංක 02

.- Lanka Truth

Archive

Latest news

Related news