Tuesday, July 16, 2024

යූඇන්පී මංත්‍රී රංගේ බණ්ඩාරට පොලිස් උසස්වීමක් සහ විශ්‍රාම දීමනා

කාටූනය සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි.

හිටපු පොලිස් පරීක්ෂකයකු වනදැන් යුඇන්පී මංත්‍රීවරයකු වන රංගේ බණ්ඩාරට දේශපාලන ඉල්ලමක් පෑදී ඇති බව වාර්තාවෙයි.

ඔහු නිලයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කොට ඒ අනුව විශ්‍රාම දීමනා  ගෙවීමට අමාත්‍ය මංඪලය තීරණය කර තිබීමයි. දේශපාලන හේතූන් මත සේවයෙන් පහ කරන ලද ඔහුට සේවයේ නොසිටි කාලය සඳහා වැටුප් ද ලැබෙනු ඇත.

මෙයට පෙර ශ්‍රීලනිප මංත්‍රීවරයකු බවට පත්  හිටපු උප පොලිස්  පරීක්ෂකවරයකු වූූ එම්.කේ.ඩී.එම් ගුණවර්ධනට එවැනිම සහනයක් ලබා දී තිබේ.

1994 ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පත් කළ අතුරුදහන්වීම් පරීක්ෂණ කොමිෂන් සභාව හමුවෙහි රංගේ බණ්ඩාර සිය දරුවන් පැහැරගෙන ගිය බවට මව්වරු කෙලින්ම සාක්ෂි දුන්හ. එසේ නමුත් එම වාර්තා හමස් පෙට්ටියට යවන ලද අතර කිසිදු වරදකරුවකුට දඩුවම් ලැබුනේ නැත.

Archive

Latest news

Related news