Friday, May 17, 2024

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මුල් තැනට; සංක්‍රමණීය යුක්තිය දෙවැනි තැනට – මෛත්‍රී සහ චන්ද්‍රිකා කියයි.

ජායාරූපය: සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් ජනපති හමුවූ අවස්ථාව.

ශ්‍රී ලංකාණ්ඩුව 2015 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ පොරොන්දු වූ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය දෙවැනි තැනට දැමිය යුතු බව දැන් ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ බව ජනපති සිරිසේන පසුගියදා සංහිඳියා යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජික සාමජිකාවන් හමුවූ අවස්ථාවෙහිදි පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. මේ බව දක්වමින් යාන්ත්‍රණ සඳහා වූ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය සිය මුහුණූ පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අද හදිසි අවශ්‍යතාවය බව සිරිසේන ප්‍රකාශ කළ බවයි.
ඉන් දෙතුන් දිනකට පසු ඩේලි මිරර් පුවත් පතට සම්මුක සාකච්ජාවක් දෙමින් ආණ්ඩුව විසින් පිහිටුවා ඇති  සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කියා තිබුණේ නව ව්‍යවස්ථාවක් පිහිටුවෙන බැවින් තව දුරටත් යුද අපරාධ පරීක්ෂා කිරීමේ අධිකරණ යාන්ත්‍රණයන් අවශ්‍ය නැති බවයි. ඇය තව දුරටත් කියා සිටින්නේ අවශ්‍ය කරන්නේ අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාලය පමණක් පිහිටුවීම ප්‍රමාණවත් බවයි.

2015 සැප්තැම්බර් මාසයේ පැවැති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාණ්ඩුව කියා සිටියේ සංක්‍රමණීය යුක්ති ක්‍රියාවලිය සඳහා යාන්ත්‍රණයන් හතරක් පිහිටුවීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවයි. ඉන් පසු මාස 18ක් ගෙවී ගොස් ඇතත් තවම කිසිදු යාන්ත්‍රණයක් මෙරට පිහිටුවා නැත.

Archive

Latest news

Related news