Monday, May 20, 2024

හොරුන්ට, දූෂකයින්ට ආයේ ආණ්ඩුවක් කරන්න ඉඩ තියන්නේ නෑ! 2020 දි ඉදිරිය ගැන තීරණය කරනවා!! – ජනපති

සමහරු හෙට අනිද්දා ආණ්ඩු ගන්න පුලුවන් කියා සහින මවන බවත් එවැනි හොරුන්ට දූෂකයින්ට බලයට ඒමට තමා කිසි දිනෙක ඉඩ නොතබන බවත් ජනපති සිරිසේන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  මොනරාගල කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට පසුගිය 28දා  පෙරවරුවේ එක් වෙමිනි.

දේශපාලනික තර්ජනාත්මක ස්වරයකින් කතා කළ (කතාවෙහි මෙම කොටස පමණක් ඇතුළත් වීඩියෝව බලන්න) ජනතාධිපතිවරයා තව දුරටත් මෙසේ කීය.

සමහර අය සිහින මවනවා. සැබෑ නොවන සිහින මවනවා. හෙට අනිද්ද ආණ්ඩු ගන්න පුලුවන් කියල හිතන්. බැහැ. ආණ්ඩු ගන්න බැහැ.

අපි පැහැදිලිවම මේ සම්මුතිවාදි ආණ්ඩුව ඉදිරි වසර පහක කාලය තුල ශක්තිමත්ව ජාතියට හිතෛශියව ගුණවත් නැණවත් දේශපාලන ඥාණයෙන් යුතුව මුලු මහත් ජාතියේ යහපත සඳහා ඉදිරි අවුරුදු පහ යනව වගේම 2020 තින්දු කරනවා, එතනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියළා මං බොහොම පැහැදිළිව තමුන්නාන්සේලාට කියන්නට ඕනෑ.

රට විනාශ කරපු මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු මිනිස්සු, සුදු වෑන් සංස්කාතියෙන් මේ රටේ මුළු මහත් ජනතාව භීතියට පත්කරපු මිනිස්සු මේ රටේ කෝටි නව ලක්ෂයක ආර්ථික අර්බූදය තුල කෝටි ප්‍රකෝටි ගණනක් හොරකම් කරපු මිනිස්සු මේ රටේ වංචාව දූෂනය මේ රටේ ඉතිහාසයේ කිසි කලක නාපු විදියට,දූෂණයට හොරකමට වංචාවට නාස්තියට ඔටුනු පළදවපු මිනිස්සුන්ට, මේ රටේ කිසිම දවසක ආණ්ඩුවක් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක අපි තමුන්නාන්සේලාට බොහොම පැහිදිලිව කියනවා.

ඒ අයට ආණ්ඩු කරන්න නෙවෙයි මේ රටේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මං  බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕන.

ඒක නිසා තමුන්නාන්සේලාට මෙ රටේ ජනතාවට හොඳ අනාගතයක් තියෙනව. ඒ අනාගය සරුසාර කරන්න අපි කල යුතු වගකිම් සහ යුතුකම් ඉෂ්ඨ කරනව.යහපාලන සංකල්පය තුල පැහිදිළි වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනව.

මේ රටේ සියලු සිංහල දමිල මුස්ලිම් ජනතාව තුළ සමගිය සන්හිදියාව ඇති කරලා මේ රටේ නැවතත් යුද්දයක් ඇති නොවන්න පුලුල් ලෙස ශක්තිමත් සංහිදිසා පිළිවෙතක් තුළ මේ රට ගොඩ නගනවා කිසි දවසක මේ රට උතුරෙද නැගෙනහිරෙද  දකුණෙද කිසිවකුටට ආයුධ අතට ගැනිමේ අවශ්‍යතාවයක් ඇති නොවන යහපාලන ආණ්ඩුවක් විදිහට ශක්තිමත් සංහිදියා ආණ්ඩුවක් අපි මේ රටේ ඇති කරනව.

යහපාලන සංකල්පය තුළ වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොරව ආණ්ඩු කිරීම, ආණ්ඩු කරපු කට්ටියකට ඇඟිල්ල දික් කරලා ආණ්ඩු කරපු කට්ටියකට දඬුවම් කරන ගමන් ආණ්ඩ්වක් විදිහට නිරිමල පවිත්‍ර සංතල්පයක් කරගෙන යන කොට මේ ආණ්ඩුව තුලත් කිසි කෙනෙකුට වංචා දූෂණ නාස්ති කරන්න කිසම ඉඩක් නැහැයි තියන එක මං බොහෝම පැහැදිළිව කියන්න ඕන.

එහෙම කවුරු හරි මේ ආණ්ඩුව තුල කටයුතු කලොත් කටයුතු කරන බව දැනුනොත් ඒ ගොල්ලන්ට දෙන දඬුවම්වලට වැඩිය දඬුවම් මේ අපේ ආණ්ඩුවෙ අයටත් දිලා අපේ රටේ පිරිසිදු දේශපාලනයක් එක්ක මේ සම්මුතිවාදී ආණ්ඩුව පැහැදිළි ගමනක් යන්න සකස් කරනවයි කියන එක මං බොහොම පැහැදිළිව කියන්න ඕන.

 

Archive

Latest news

Related news