Monday, May 20, 2024

ඩෙංඟු බෝ කරන්නේ ආණ්ඩුවේ ආයතන

මාරාන්තික ඩෙංඟු මදුරුවා වැඩි පුරම බෝ වන්නේ රජයේ ආයතන පරිශ්‍රයන්හි බව අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඩෙංඟු ර්දනයට සහාය ඉල්ලා සියලුම ඇමැතිවරුන්ට යවන ලද ලිපියකින් පෙනි යයි. ඊට අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65ක ද, ආගමික ස්ථානවලින් සියයට 70ක ද, පාසල්වලින් සියයට 60ක ද, ඉදිකිරීම් පරිශ්‍රවලින් සියයට 58ක ද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව සොයාගෙන ඇත.

රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 24 දා සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියලු ම කැබිනට් අමාත්‍යවරුන්ගෙන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගෙන්  එම ලිපිය මගින් ඉල්ලා සිට තිබේ.

ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින් ම සිදු කළ යුතු අතර, ඉන් පසු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරින් විසින් ලබන 25, 26 සහ 27 යන තෙදින සියලු ම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

2016 වසරේ දී පමණක් ඩෙංගු රෝගීන් 54,727 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 78 කි. 2017 වසරේ දී ගත වූ දින 17 තුළ හමු වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1311 කි. කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නොමැත.

Archive

Latest news

Related news