Tuesday, July 16, 2024

සැබෑ මිලට වඩා ඩොලර් 10 ක් වැඩි මිලට ගල් අගුරු ගෙන්වීම නැවත අරඹයි.

පින්තුරය: ඉන්දියානු ගල් අඟුරු කම්කරුවන්.

ගිය සතියේ රහසේ ණය ලිපි විවෘත කරලා. අත්සන් කරන්න. තැන්තම් ඉවත් කරනවා. ලේකම් ගල් අගුරු සභාපතිට කියයි.

කැබිනට් මණ්ඩලය නොමග යැවූ නීති විරෝධී ගිවිසුමක් මගින් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 4,145.43 ක් අහිමි කළ බවට විගණකාධිපතිවරයා තහවුරු කිරීමෙන් දින කිහිපයකට පසුව, විදුලිබල අමාත්‍යාංශය වැඩිමිලට ගල් අගුරු මිලදී ගැනීම නැවත අරඹා ඇතැයි දුෂණ විරෝධී පෙරමුණ  ප්‍රකාශ කරයි..

නැවත ඇරඹී ඇති ගල් අගුරු වංචාව මගින් මෙවර මිලදී ගන්නා ගල් අගුරු මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10 ක් හෝ එයට ආසන්න ප්‍රමාණයක් මෙවර වැඩිපුර ගෙවීමට සිදුවේ. පළමු ගල් අගුරු නැව මගින් මෙට්‍රික් ටොන් 60,000 – 64,000 දක්වා ප්‍රමාණයක් ගල් අගුරු ගෙන්වීමට නියමිතය. පසුගිය සතියේ දී මේ සදහා ණය (එල්.සී.) ලිපි විවෘත කොට ඇති බවත් දුෂණ විරෝධී පෙරමුණ ව්සින්නිකුත් කරන ලද  පුවත්පත් නිවේදනයෙහි දැක්වේ.

එම නිවේදනය තව දුරටත් මෙසේ කියයි.

කැෆේ සංවිධානය මෙම දුෂිත ගනුදෙනුව නැවත ඇරඹීම පිළිබදව 2017 ජනවාරි 4 දින ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය. අගවිනිසුරු ප්‍රමුඛ ශේෂ්ඨාධිකරණය විසින් ‘මහජන මුදල් සම්බන්ධ බැවින් හෘර්ද සාක්ෂිය කම්පා කළ බව‘ කියු නඩු තීන්දුව මගින් ද, 2016 දෙසැ. 30 දින විගණකාධිපති වාර්තාව මගින් ද ගල් අගුරු මිලදී ගැනීමේ දී දැවැන්ත වංචාවක් සිදුව ඇති බව තහවුරු වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය අංක SCFR394/2015 දරණ නඩු තීන්දුව මගින් උක්ත ගල් අගුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය ‘ශුන්‍ය සහ බල රහිත‘ බව නිගමනය කොට ඇත. මේ වන විට මේ පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ සුරේන් බටගොඩ ලේකම්වරයා ඇතුළු පිරිසට එරෙහිව ‘පොදු යහපතට සම්බන්ධයෙන්‘ නඩුවක් විභාග වේ.

2016 දෙසැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාව අනුව, ඔබතුමන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ‘යහපාලන රජය යටතේ‘ සිදු වී ඇති දැවැන්ත ටෙන්ඩර් මගඩියක් බවට ගල් අගුරු මිලදී ගැනීම සම්බන්ධ වංචාව පත්ව ඇති බව පැහැදිලිය.

මාස ගණනාවක් අතහැර දමා තිබූ ගල් අගුරු ගෙන්වීමට එජාප – ශ්‍රීලනිප දේශපාලනඥයින් තිදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇත.

දුෂණ විරෝධී පෙරමුණ විසින් ඉදිරිපත් කරනු ලැබූ පැමිණිල්ලට කුමක් වූවේ ද යන්න විමසා අද ‘අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වෙත ලිපියක් ද යොමු කර ඇත.

පූජ්‍ය උලපනේ සුමංගල හිමි කීර්ති තෙන්නකොන්
සභාපති/දුෂණ විරෝධී පෙරමුණ විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2017 ජනවාරි මස 17

———–

Archive

Latest news

Related news