Monday, May 20, 2024

ජීඑස්පී ප්ල්ස් සඳහා එකම නිර්නායකය ජාත්‍යන්ත්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රියාත්මක කිරීිම පමණකි – යුරෝපීය සංගමය

පින්තුරය: පචපත්තර‍්‍.

ශී‍්‍ර ලංකා රජය විසින් සාධාරිත අභිමත යෝජනා ක‍්‍රමයට ( ජීඑස්පී ප්ලස් – )නැවත එක්වීමට ඉදිරිපත් කර ඇති ඉල්ලූම්පත‍්‍රය ඇගයීම සඳහා වන එකම නිර්නායකය,
අනුප‍්‍රාප්තීය ශී‍්‍ර ලංකා රජයන් විසින් අත්සන් කරන ලද ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රයාත්මක කිරිම පමණක් යැයි යුරෝපා සංගමය න්වේදනයක් නිකුත් කරමින් යලි අවධාරණය කරයි. මෙම ප‍්‍රඥප්තීන් ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු හිමිකම්. පාරිසරික ප‍්‍රමිතීන් සහ යහ පාලනය හා සම්බන්ධය. ජීඑස්පී ප්ලස් සහනයේ ප‍්‍රතිලාභ ලබාගැනීමට නම් ප‍්‍රඥප්තීන් කි‍්‍රයාත්මක කිරීම කෙරෙහි රජය විසින් ඉදිරි පියවරයන් ගත යුතු අතර මේවා කි‍්‍රයාත්මක කිරීම නියාමනය කිරීමට සහ අඩුපාඩු විසඳාගැනීම සම්බන්ධයෙන් රජය යුරෝපා සංගමය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය මෙසේද කියයි:

පොදුවේ ගත්විට, ගැටුම් වලට හේතුවූ සහ සියලුම ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවිත වලට සහ ජීවන තත්වයන්ට ඍණාත්මක ලෙස බලපෑ ඓතිහාසික සහ දිගු කාලයක් තිස්සේ පැවත එන ගැටලු විසඳීම සඳහා රජය ගෙනඇති නායකත්වය සඳහා යුරෝපා සංගමය සහයෝගය දක්වයි. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී ශී‍්‍ර ලංකාව සම-අනුග‍්‍රහය දැක්වූ යෝජනාව මෙයට ඇතුලත් වෙයි. රජයේ ජාතික සංහිඳියා වැඩසටහන සහ යහපාලන ඉලක්කයන් සඳහා ධනාත්මක දායකත්වය දක්වමින් අපගේ සහයෝගය සහ බැඳීම සකස්කිරීම සඳහා යුරෝපා සංගමය රජය සහ සිවිල් සංවිධාන සමග කටයුතු කරයි.

පසුබිම
ශී‍්‍ර ලංකාවේ ගෝලීය අපනයනයන්ගෙන් තුනෙන් එකක් සිදුකරන යුරෝපා සංගමය ශී‍්‍ර ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල වේ. 2015දී සමස්ථ ද්වීපාර්ශවීය වෙළඳාම යුරෝ බිලියන 4.7ක් විය. යුරෝපා සංගමයේ තිරසාර සංවර්ධනය සහ යහ පාලනය සඳහා විශේෂ දිරිමත් කිරීමේ සැකසුම, ජීඑස්පී ප්ලස්, යනු සංවර්ධනය වන රටවල් සඳහා අනුග‍්‍රහය දැක්වීමේ යුරෝපා සංගමයේ ඒකපාර්ශවීය තීරුබදු සහනයයි. නිදසුනක් ලෙස රෙදිපිලි සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුලත්වන 66%ක් පමණ වන තීරුබදු අංශ ඇතුලත්වන පුළුල් නිෂ්පාදන පෙලක් සඳහා තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සංවර්ධනය වන රටවලට උපකාර කිරිම සඳහා ජීඑස්පී ප්ලස්, යෝජනාක‍්‍රමය සැලසුම් කර ඇත. ජීඑස්පී ප්ලස්, ලබාදීම සඳහා පැහැදිලි සහ දැඩි රෙගුලාසි සාධාරිත අභිමත යෝජනාක‍්‍රමයට ඇතුලත් කර ඇත.

පළමුව ඉල්ලූම්කරු ආර්ථික උපමානයන් සපුරාලිය යුතුය. එනම්, විවිධාංගීකරණය නොවූ ආර්ථිිකයක් සහිත ආර්ථික සථාවරත්යකට පත් නොවූ සංවර්ධනය වන රටක් සහ යුරෝපා සංගමයට සිදුකරන අපනයනයන් අඩු මට්ටමක පවතින රටක් විය යුතුය.

දෙවනුව ජීඑස්පී ප්ලස්, සඳහා අවශ්‍යතාවයක් වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රයාත්මක කළ යුතුය. ඉල්ලූම් කරන රට, මෙම ප‍්‍රඥප්තීන් මගින් තහනම් කර ඇති විශේෂ කොන්දේසි සකස් නොකළ යුතු අතර නියාමන ආයතයනයන් විසින් මෑතකදී සිදුකරන ලද නියාමනයන් වලදී මෙම ප‍්‍රඥප්තීන් කි‍්‍රයාත්මක කිරීමේ බරපතල අසමත්වීම් නිරීක්‍ෂණය නොකළ යුතුය.

නව ජීඑස්පී රෙගුලාසි මගින් ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන්ගේ පොරොන්දු සහ බැඳීම් අඛන්ඩව නියාමනය කිරීමට අවකාශ සලසා ඇත. කිසියම් රටකට ජීඑස්පී ප්ලස් සහනය ලබාදුන් පසු එය සිය කැපවීම් වලට අනුකූල වන බව එනම්, ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සනාථ කර ඒවා නිසිලෙස පවත්වාගෙන යනබවත ඒවා ඵලදායීව කි‍්‍රයාත්මක කරන බවත් වාර්තා කිරීමේ අවශ්‍යතා සපුරා ඇති බවත් ප‍්‍රඥප්තීන්ට අනුකූලව ක‍්‍රමානුකූල නියාමනයන්ට එකඟවීමත සහ, යුරෝපා සංගමය සමග සහයෝගයෙන් කටයුතු කරමින් අවශ්‍ය සියලු  එම තොරතුරු ලබාදීම පිළිබඳව යුරෝපා සංගමය අඛන්ඩව නියාමනය කළ යුතු වන්නේය.
වර්තමානයේ ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන් 8ක් සිටී: ඒවානම්, ආමේනියාව, බොලීවියාව,කේප් වර්ඬේ, කිර්ගිස්ථානය, මොන්ගෝලියාව, පකිස්ථානය, පෙරුගුවේ සහ පිලිපීනය එම රටවල් ය.
ඇමතුම් සඳහා:
දේශපාලන, වෙළඳ සහ සංනිවේදන අංශය,
යුරෝපීය සංගමයේ ශී‍්‍ර ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලය.
දුර කථන: 00 94 11 2674413-4

Archive

Latest news

Related news