Monday, May 20, 2024

ජන මාධ්‍ය අයිතීන් සහ ප‍්‍රමිතීන්: නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමයේ ප්‍රතිචාරය

ජන මාධ්‍ය අයිතීන් සහ ප‍්‍රමිතීන් සඳහා මහජන උපදේශනයට ඇරයුමට නිදහස් වෙළඳ කලාප පොදු සේවා සංගමයේ ප්‍රතිචාරය.

ඉහත මාතෘකාව යටතේ අපගේ අදහස් යොමු කිරීම සඳහා කරන ලද ඇරයුම අගය කරමු.

යහපත් ජනමාධ්‍ය වාතාවරණයක් ඇති කිරීමේ අරමුණින් නීති ප‍්‍රතිසංස්කරණය කිරීමේ අදහසක්ද ඇතිව ජනමාධ්‍යවේදීන්ගේ නීතිමය රැුකවරණය සහ ජනමාධ්‍යයේ ස්වයං නියාමන විධික‍්‍රම කාර්යක්ෂම කිරීම සඳහා මහජන උපදේශන කතිකාවක් ඇති කිරීම අරමුණු කෙරෙන්නේ යැයි එහි සඳහන්ව තිබිණ.

ජනමාධ්‍ය භාවිතය සම්බන්ධව එතරම් යහපත් තත්ත්වයක් නොවන නිසාම, ඊට අදාල ප‍්‍රමිතීන් සහ අයිතීන් ගැන කතිකාව කාලෝචිත බැව් අපි ද පිළිගනිමු. ඒ වෙනුවෙන් අප වෙත යොමු කරනු ලැබූ කෙටුම්පත මගින් ගොනු කර ඇති කරුණු 07 ක් සම්බන්ධව විමසීමක් හා අදහස් ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙතැයි සඳහන් විය.

ඒ සම්බන්ධව ඉතා කෙටියෙන් පහතින් සඳහන් අපගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නෙමු.

එහි සඳහන් අයුරු ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල චර්යා ධර්ම හා වගවීම් සහිත වෘත්තීය ජනමාධ්‍යවේදයක් වෙනුවෙන් කෙරෙන යෝජනා අතර, වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හැදීම සහ නඩත්තු කිරීම පිළිබඳව එතරම් බරක් තබා ඇතැයි නොපෙනේ. වැඩිමනත් බර තබා ඇත්තේ වර්තමාන ජනමාධ්‍ය රැුකියාවන්හි නියැලී ඉන්නා මාධ්‍යවේදීන් මගින් චර්යා ධර්ම සුරැුකෙන යහපත් ජනමාධ්‍ය භාවිතයක් නීති ප‍්‍රතිසංස්කරණ හා නියාමන යාන්ත‍්‍රණයක් ඔස්සේ භාවිතයට තැබීමය. මෙය අපේ ජනමාධ්‍ය ගත්විට එතරම් සාර්ථක වනු ඇතැයි අපි නොසිතමු.

අපගේ ජනමාධ්‍ය ගත්විට,
1. බහුතරයක් මාධ්‍ය ආයතන වත්මන්‍ෙ දූෂිත ආර්ථිකයෙහි එවැනිම ව්‍යාපාරික ආයතන ලෙස පවතින ආයතන වේ.
2. ඒවායේ මාධ්‍ය භාවිතය තීන්දු වන්නේ දේශපාලන බලය හා ලාභය අතර ගැවසෙන හාම්පුතාගේ අවශ්‍යතා අනුවය.
3. රාජ්‍ය මාධ්‍ය ආයතනද ඇතුලූව කිසිදු මාධ්‍ය ආයතනයක් සමාජ වගකීමක් ඇතිව මූලික චර්යා ධර්ම ගරු කරන්නාවූ මාධ්‍ය භාවිතයකට ඉඩ තබා නැත්තේ ඒවායේ හාම්පුතුන්ගේ අවශ්‍යතාවන් හා කර්තෘ මණ්ඩලයේ ස්වාධීනත්වය අතර ඇති බරපතල නොගැලපීමය.
4. එබැවින් රාජ්‍ය මාධ්‍ය ආයතන ඇතුලූව කිසිදු මාධ්‍ය ආයතනයක ස්වාධීන, නිදහස් ජනමාධ්‍යවේදයකට ඉඩක් නැත. සරළව කියන්නේ නම්, ඒ කිසි මාධ්‍ය ආයතනයක ස්වාධීන නිදහස් මාධ්‍යවේදීන් ඇත්තේ නැත. ඉන්නට අවසරයක්ද නැත.

එවැනි අගතිගාමී ජනමාධ්‍යයක් පවත්වා ගැනීමේ ප‍්‍රධානම කොන්දේසිය සැපයෙන්නේ ස්ථිර සේවකයින් ලෙස මාධ්‍යවේදීන් සඳහා පත්වීම් නොදීමෙනි.

01. ප‍්‍රධාන මාධ්‍ය ආයතන කිහිපය හැරුණු විට, විශේෂයෙන් දෘෂ්‍ය හා විiුත් මාධ්‍ය ආයතන විසින් මාධ්‍යවේදීන් සඳහා ස්ථිර පත්වීම් නොදේ. ඉන්නා බහුතරය නිදහස් හෝ කෑලි ක‍්‍රමයට සේවය කරනුවන්ය.
02. මාධ්‍යවේදීන් බඳවා ගැනීමේ කිසිදු සම්මත ප‍්‍රමිතියක් හා අධ්‍යාපන සුදුසුකමක් නැත.
03. මාධ්‍යවේදීන් සඳහා පඩි පාලක සභාවක් තිබුණද වෘත්තියට ගැලපෙන පිළිගත් වැටුප් ක‍්‍රමයක් නැත.
04. එනිසාම කලූ සල්ලි ගැවසෙන ආර්ථිකයෙහි අද කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ද වෙන්දේසියේ යති.
05. එවැනි පසුබිමක හැදෙන මාධ්‍යවේදීන් සතු වෘත්තීය සාමුහිකත්වයක් පිළිබඳ අවබෝධයක්, වටිනාකමක් නැත. එනිසා අනුන්ගේ අයිතිවාසිකම් හා දුක්ගැනවිලි කතා කරන මාධ්‍යවේදීන් තමන්ගේ අයිතීන් දන්නේ නැත. ඒ ගැන උනන්දු වන්නේද නැත.
06. එබැවින් මාධ්‍යවේදීන් සතු වෘත්තීය සමිති නැත. වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයද වෘත්තීය සමිති කි‍්‍රයාකාරිත්වයක නැත. අනෙක්වා රාජ්‍ය නොවන මාධ්‍ය සංවිධාන වන අතර, මාධයවේදීන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමක් නැත.

එවැනි මාධ්‍යවේදීන් සමගින් බලාපොරොත්තුවන සමාජයට වගකියන්නාවූ යහපත් මාධ්‍ය සදාචාරයක් තහවුරු කළ හැකි යැයි අපි නොසිතමු. මාධ්‍ය සදාචාරය යහපත් වන්නේත් මාධ්‍යවේදය වගකීමක් ඇති වෘත්තියක් ලෙස ස්ථාපිත වන්නේත් මාධ්‍යවේදීන්ගේ රැුකියා සුරක්ෂිතත්වය හා ස්වාධීනත්වය තහවුරු කෙරෙන සේවා තත්ත්වයන් සමග පමණි.

එවැනි යොමුවක් අරමුණක් යෝජිත කරුනු අතර අපි නොදැක්කෙමු. එබැවින් පහතින් සඳහන් කෙරෙන යෝජනා කිහිපය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ඔබගේ අවධානයට යොමු කරමු.

1. මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සේවකයින්ගේ සියලූ අයිතිවාසිකම් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 හා 98 සම්මුතීන්ටද ප‍්‍රධන සම්මුතීන්ටද අදාල කෙරෙන ආකාරයෙන් සියලූ මාධ්‍ය ආයතන වෙත නෛතික බැඳීමක් සහිත කොන්දේසි මාලාවක් ස්ථාපිත කළ යුතුය.
2. විද්ළුුත් හා මුද්‍රිත මාධ්‍යවේදයේ විවිධ වූ ශිල්පීය වගකීම්ද සළකා ඒ සියල්ලට ගැලපෙන අවම සුදුසුකම් හා අත්දැකීම් තීන්දු කළ යුතුය.
3. සියලූ මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ සේවා තත්ත්වයන් (ස්ථිර, අර්ධ කාලීන, විශේෂිත ආවරණ හා අදාල වන ආකාරයේ වෘත්තීය රාජකාරී හා වගකීම් පැවරීමේ ලිපියක් නිකුත් කිරීම අනිවාර්ය විය යුතුය.
4. එවැනි සියලූ මාධ්‍යවේදීන් සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෘත්තීය හැඳුනුම් පතක් නිකුත් කිරීම අනිවාර්ය විය යුතුය.

Archive

Latest news

Related news