Monday, May 20, 2024

මරා දමන්නට වසරකට පෙර මහින්ද – ලසන්ත අතර වූ දුර කථන සංවාදයක්

වසර 2008 දී ලසන්ත වික්‍රමතුංග සහ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ අතර පැවැති දුරකථන සංවාදයක සංස්‌කරණය කළ පිටපතක්‌ මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතී. මේ වන විට මිලියන ගණනක්‌ දෙනා මෙය ශ්‍රවණය කර ඇත. එම සංවාදයේ අසංශෝධිත පිටපතක්‌ මෙසේ පළ කරමු.

ලසන්ත- හලෝ…

මහින්ද රාජපක්‍ෂ- හලෝ… කොහොමද?

ලසන්ත- (සිනා සෙමින්) මොකද වෙන්නේ…·

මහින්ද රාජපක්‍ෂ- දැන් මුකුත් නෑ. ඉතිං දැන් ප්‍රශ්න ඉවරනේ. (ලසන්ත සහ මහින්ද යන දෙදෙනාම සිනාසෙති)

ලසන්ත- දැන් මොකද වෙන්න යන්නේ මීට පස්‌සේ…·

මහින්ද- දැන් මේක දුවගෙන යයි. ඊට පස්‌සේ අපි බලන්න ඕනෑ මොකද්ද කරන්න යන්නේ කියලා…

ලසන්ත- තව පළාත් සභාවක්‌ තියන්න යනවා කියන්නේ ඇත්තද?

මහින්ද- තාම නැහැ ඩිසයිඩ් කරලා… සමහරු කියනවා තියමු කියලා. සමහරු කියනවා ඔහෙ යන්න දෙමු කියලා. ඉතින් සල්ලිත් යනවානේ. අපි කොහෙන් කොහෙන් හරි කඩලා සල්ලි හොයලා දෙන්න ඕනනේ ඕවට. (දෙදෙනාම සිනාසෙති)

ලසන්ත- ආර්ථික ප්‍රශ්නෙ තමයි අන්තිමට බලපාන්නේ රටටම… ඒකට විකල්පයක්‌ හොයන්න වෙනවා. අද අමුතෙල් බැරල් එකක්‌ ගිහිල්ලා තියෙනවා ඩොලර් 120 කට.

මහින්ද – දැන් කියනවා ඩොලර් 200 ට යයිලු…

ලසන්ත- නමුත් මේ ලබන මාස 2-3 අතරේ 150 ට යයි කියනවා.

මහින්ද- හෙඡ් කරන්නත් බෑ දැන්.

ලසන්ත- (එය අනුමත කරන ස්‌වරයෙන්) යන විදියට.

මහින්ද- වවන හින්දයි (ආහාර භෝග වගාව) ඔහොමත් කෑම ටිකක්‌ කාලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ලසන්ත- නගරවල ඊට වඩා අමාරුයි. ගම්වල වවාගෙන මොනවාහරි කන්න පුළුවන් නිසා ඒ තරමට ප්‍රශ්නයක්‌ නැහැ. නගරබද ඉන්ඩස්‌ට්‍රීස්‌වලට එහෙම තෙල් මිල ඉහළ යනකොට යනවනේ හෙණ ගොඩක්‌.

මහින්ද- මම ගිය සතියේ ඔක්‌ස්‌පර්ඩ් ගිහිල්ලා ආවා. (දෙදෙනාම සිනාසෙති) ගමයා ඔක්‌ස්‌පර්ඩ් ගිහින්.

ලසන්ත- දැන් කේම්බ්‍රිඡ් එකටත් යන්න තියෙන්නේ.

මහින්ද- (දෙදෙනාම මහ හඬින් සිනාසෙති) එකක්‌ ගියාම ඇති. වැඩිය ඉතින් යන්න ඕනෑ නැහැ.

ලසන්ත- නමුත් එක පැත්තක්‌ ගැන මට කියන්න ඕනෑ. මේක කියනවට කැමැති වෙන එකක්‌ නැහැ. සමහර පැතිවල ඔය දූෂණ පැත්තත් පොඩ්ඩක්‌ බලන්න. ඔයාගේ එකක්‌ තියෙන්නේ මිනිහෙක්‌ උදව් කළාම ඔයා මැරුවත් ඌව ආරක්‍ෂා කරනවා. ඒක එක පැත්තකින් හොඳ ගති ගුණයක්‌. දැන් ප්‍රසිඩන්ට්‌ හැටියට ඒක පොඩ්ඩක්‌ බැලන්ස්‌ කරන්න ඕනෑ. උන්ට පැත්තකට වෙලා ඉන්න කියලා හරි…

මහින්ද – කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. මමත් ඔය ප්‍රසිද්ධියේ කියනවනේ. සමහර ඒව ගැන මම ප්‍රසිද්ධියේ කියනවා… බලු වැඩ කරනවා…. මේවා කරන්න එපා කියලා.

ලසන්ත- ඒ ගොල්ලන්ගේ තනතුරු ටික තියාගෙන පැත්තකට කරලා දැම්මා නම් පණිවුඩයක්‌ යනවා.

මහින්ද- අර ඔයාලා දාලා තිබුණ නේද (පැහැදිලි නැත)

ලසන්ත- ඔව්… ඔව්…

මහින්ද- ඒක එහෙම නෙවෙයි වුණේ. දැන් මම ඔබ රිපෝට්‌ කරන්න එපා (පැහැදිලි නැත) කමාන්ඩර් මේක මේවා කළා. මෙයා මොකද්ද එකක්‌ වෙන කම්පැණියකින් (පැහැදිලි නැත) දැන් ඕක… (පැහැදිලි නැත)

ලසන්ත- ඔව්…. ඕව්…. අපි කිව්වමත් ඒක (පැහැදිලි නැත) ඇයි කියලානේ ඇහැව්වේ.

මහින්ද- සභාපති?

ලසන්ත- (පැහැදිලි නැත) කියලා අපි ප්‍රශ්නෙ මතු කළේ.

මහින්ද- ඒක තමයි වැඩේ දැන්. මිනිහට වෙලා තියෙන්නේ ඕක (පැහැදිලි නැත) කාටවත් කියන්නේ නැතිව.

ලසන්ත- ඒකත් අපි ලිව්වා. අවුරුද්දකට ඉස්‌සරවෙලා.

මහින්ද- මෙයා මේ ඔක්‌කොම යටින් වැඩේ කරගෙන… අපි දන්නෙම නැහැ.. මිනිහා පස්‌සේ ඇවිල්ලා කියන කල්.

ලසන්ත- (පැහැදිලි නැත) ඒජන්ට්‌ කියන්නේ (පැහැදිලි නැත) ලලිත් (පැහැදිලි නැත) අයියගෙ…..ද?

මහින්ද – වෙන්ඩ ඇති. තවත් කවුරුහරි වෙන්ඩ ඇති.

ලසන්ත – අර (පැහැදිලි නැත) පර්නැන්ඩෝගේ පුතා මං හිතන්නේ.

මහින්ද – මිනිහ රට. තාම මිනිහා ගොතාපු කතාව කියන්නෙ නැහැ. මිනිහා ඒක වහල තියෙන්නේ. ඔයාලා කිව්වා කියල කියන එක මට හරියට මේව කරන්න බැරිවුණා තාම.

ලසන්ත – මේව වෙලා තියෙන්නෙ හරියටම ලිව්වාම වෙන සැකයක්‌ නැති වෙනවා. මේක කියන්න යන්න එපා. පණිවුඩ කීපයක්‌ එව්වා ඊයේ එක එක්‌කෙනා හරහා, මේ සරත් ෙµdන්සේකා නම් (පැහැදිලි නැත) ලොකු කැම්පේන් එකක්‌ එයාට විරුද්ධව කරන්න ප්ලෑන් කරලා තියෙනවා, ඒකට අහුවෙන්න එපා, ඒකෙ කොටසක්‌ කියලා. ඒකෙ කිසිම එහෙම සම්බන්ධයක්‌ නැහැ. ආමි එකෙන් ආපු එකක්‌ නෙවෙයි ඒක. මිනිසා හිතල තියෙන්නේ සරත් ෙµdන්සේකයි (පැහැදිලි නැත) මේක ප්ලෑන් කරලා මිනිහා ගහන්ඩ සෙට්‌ කරලයි කියලා (ලසන්ත මහ හඬින් සිනාසෙයි) ප්‍රශ්නෙට යොමුවෙන්නැතුව වෙන වෙන ඒවා හිතනවා.

මහින්ද – අර මිනිහ අඩු ගානේ මම ඇහුවාමත් (පැහැදිලි නැත) කිව්වෙ නැහැ.)

ලසන්ත – …. මීට ඉස්‌සෙල්ල අපි ලිව්ව මේක මෙහෙම වෙලා තියෙනවා කියලා.

මහින්ද – නුමුත් මිනිහා තාම මෙහාට (පැහැදිලි නෑ) කියල නැහැ. ඕකයි වෙලා තියෙන්නේ… මෙයා කියනවලු එතනින් යන්න කියලා. දැන් ඒක වෙලා තියෙන්නේ අරයට ටෙලිෙµdaන් කරලා තියනවා. (පැහැදිලි නැත) කමාන්ඩර් කියනවා මම දැන් ප්‍රොසිඩියර් එකක්‌ කරලා තියෙනවා. (පැහැදිලි නැත.) අරගෙන තියෙනවා. ගවන්ට්‌මන්ට්‌ ටු ගවන්මන්ට්‌ එකක්‌. කට්‌ටිය ඇවිල්ලත්a, මෙහාට ඇවිල්ලත් තිබුණ. එතකොට ගවන්මන්ට්‌ එකයි අපියි අතර තියෙන එකක්‌ මේක. එතකොට ඒක හින්ද අපට එක එක කොම්පැණිවලට යන්න බැහැ. (පැහැදිලි නැත) කරන ගනුදෙනු තමයි කරන්න වෙන්නෙ කියලා. ඉතින් අන්තිමට මමයි වගකියන්න ඕනෑ කියලා මිනිහා කියන්නේ.

ලසන්ත – දැන් අපි එයාට කතා කළොත් මේක ලියන්න ඉස්‌සරවෙලා. එතකොට පිළිතුරු දෙන්න ඕනෑ. අඩු ගානේ පැහැදිලි කිරීමක්‌වත් ඒගොල්ලන්ගේ පැත්තෙන් කරන්න එපැයි. ඒගොල්ලන්ගේ පැත්තෙන්. ඒක කළෙත් නැහැ. අන්තිමට ලිව්වට පස්‌සෙ කියනවා.

මහින්ද – ඒක තමයි නේ. එහෙම එකක්‌ තියෙනකොට මටත් කියන්න මම එතකොට කියන්නම් ඒකට උත්තර දෙන්න කියලා. ඔයා (ලසන්ත) කතා කළොත් උත්තර දෙයි මම හිතන්නේ.

ලසන්ත – නෑ ඉතින් (පැහැදිලි නැත) ලියන රිපෝටර් කතා කරන්නේ. මට හැම එක්‌කෙනාටම කතා කරන්න බැහැ නේ. කවුරුහරි ලියනකොට එයා ගිහිල්ල කතා කරලා අහනවා. එතකොට ඒගොල්ලන්ගේ වගකීම ගන්න ඕනෑ.

මහින්ද – ඔයා මට වෙලාවට පණිවුඩේ එවන්න. එතකොට මම කියන්නම් රිපෝටර් කෙනෙක්‌ කතා කළොත් උත්තර දෙන්න කියලා. මම කරන්නම් ඒක. නැහැ. මේක හොඳයි. මෙහෙම එළිවෙනකොට අපටත් කරදරයක්‌ නැහැ.

ලසන්ත – ….. ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේ. නොදැනම කොච්චර දේවල් වෙනවද?

මහින්ද – මේක ආවේ… කෙළින්ම සිකියුරිටි කවුන්සිල් එකෙන් තමයි මෙයාට කතා කරලා කිව්වේ. මට සිකියුරිටි කවුන්සිල් එකේදි මේක ආවා. කොයි වෙලාවෙ හරි බෝම්බ ගහනකොට (පැහැදිලි නැත) බෝම්බ ගැහුවොත් ඉවරයි නේ ඔක්‌කොම.

ලසන්ත – දැන් ඒකයි අපි ලිව්වේ ගෙනාපු දෙයක්‌ කියලා. දැන් ගැහුවනේ ගිහිල්ලා. මේක මෙහෙ නිකම්… ඒකයි අපි මතු කරපු ප්‍රශ්නය.

මහින්ද – නෑ මේක ගෙනල්ල තියෙන්නේ (පැහැදිලි නැත.) මේක දීලා මූ ඉන්නවා… සභාපතියත් ලොකු බිස්‌නස්‌ කාරයා නේ. (දෙදෙනාම සිනහ වෙති.) ඌත් දැන් හිරවෙලා ඉන්නේ.

ලසන්ත – වෙන්ඩ ඇති. වෙන්ඩ ඇති.

මහින්ද – ඌට වමාරන්ඩ වෙනවා. (සිනාසෙයි) ඒක තමයි.

ලසන්ත – අර කරප්ෂන් පැත්ත පොඩ්ඩක්‌ බලන්න. ඒකෙන්ම උදාහරණයක්‌ හැටියට පෙන්නුවොත් අනිත් උන් ඔක්‌කොම නැවෙනවා. රනිල් බලයේ ඉන්නකොටත් අපි ලියුවා.

මහින්ද – මට ලේසි එකෙක්‌ අල්ලලා දෙන්නකෝ. කියන්නකෝ. මේ යකා මෙහෙම කරනවා කියලා. මම ඌට දෙන්නම් වැඩේ.

ලසන්ත – රනිල් ඉන්නකොටත් අපි ලියුවා. අඩු ගානේ ජයලත්ට නැත්නම් කාවහරි උදාහරණයක්‌ හැටියට පෙන්නන්න කියලා.

මහින්ද – මට පොඩි එකෙක්‌ හරි අල්ලලා දෙන්න. (දෙදෙනාම සිනාසෙති) ඕව ලියන්න එපා….

ලසන්ත – නැහැ නැහැ ලියන්නෙ නැහැ. ඒව එහෙම ලියන්නෙ නැහැ.

මහින්ද – අපි වෙලාවක හම්බවෙමු.

ලසන්ත – හම්බ වෙමු. හම්බ වෙමු. හැබැයි මම ඔහේ ආපු ගමන් ටක්‌ ගාලා යනවා එළියට

මහින්ද – අපි වෙන අහක හම්බවෙමු.

ලසන්ත – මට කියන්නෙනැතුව කොහාට හරි ගිහිල්ලා එතෙන්ට පොඩ්ඩකට එන්න කියන්න. මොකද ඔය සිකියුරිටි ප්‍රශ්න තියනව නේ. නැතිනම් මළ කෙළියක්‌ වෙනවා. ඊට පස්‌සෙ…. (දෙදෙනාම මහ හඬින් සිනාසෙති.)

මහින්ද – මේක හරි තුවාලයක්‌ වෙලා තියෙන්නේ. මේක නම් හිර ගෙයක්‌ම තමයි.

ලසන්ත – දේශපාලනය පැත්තකට තියලා මොකක්‌ හරි කරන්න බලන්න අඩු ගානේ…

මහින්ද – නෑ මම ලෑස්‌තියි. මම මේක ඉවර කර ගත්තට පස්‌සෙ චන්ද්‍රිකා වගේ එල්ලිලා ඉන්නෙ නැහැනේ.

ලසන්ත – රටට යම්කිසි ප්‍රගතියක්‌ තියෙන වැඩක්‌ කරන්න. මගේ මතය කවුරු හිටියත් දෙගොල්ල එකතුවෙන්නෙ නැතුව, දැන් තියන තත්ත්වය අනුව අමාරුයි.

මහින්ද – නෑ. අපි පොඩි මේවා එකක්‌ දාමු බලන්න.

– සංඛනාද වෙදගෙවත්ත/ දිවයින

Archive

Latest news

Related news