පොලීසියෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

393

පසුගිය බදාදා දින සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමෙන්තුවේ පුවත් පෞද්ගලික නාලිකා වලට ලබාදීම පොලිස්පතිවරයා විසින් තහනම් කොට තිබේ.

රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමට අදාළ සිදුවීම අනවශ්‍ය ප්‍රචාරණයට ලක්වීම මීට හේතුව ඇති බව සඳහන්.

මීට අමතරව පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන කිසිදු උත්සවයකට පෞද්ගලික නාලිකාවලට ආරාධනය නොකිරීමටද පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

-නෙත් FM