Saturday, January 10, 2026

එක්‌නැළිගොඩ ඝාතනය: සැකකාර ශම්මි යළි සේවයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමග සේවය අත්හිටවූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න ඊයේ (23 දා) සිට යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු වසරකටත් අධික කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදා හැරීමට පසුගියදා අවිස්‌සාවේල්ල මහාධිකරණය නියෝග කර තිබිණි.

එසේ ඇප ලැබීමෙන් පසු ලුතිනන් කර්නල් ශම්මි කුමාරත්න යළි සේවයේ පිහිටුවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා කටයුතු කර ඇත.

යළි එසේ සේවයේ පිහිටුවනු ලැබුවද ඔහු කිසිදු විශේෂ රාජකාරියකට යොමුකර නොමැති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි
SriLanka Mirror

Archive

Latest news

Related news