Friday, July 19, 2024

මේ මංත්‍රී සුඛෝපභෝගිත්වය සඳහා යහපාලනය ගෙවන දේශපාලන මිල අධික වනු ඇත – දයාපාල තිරාණගම

ජායාරූපය: බතතරමුල්ලේ ඇමැති සංකිර්නයේ ගාල් කර ඇති අධි සුඛෝපභෝගී වාහන,

මේ ආණ්ඩුවේ ලොක්කෝ  මැතිවරණ සමයේදී “රජ පවුලේ ලම්බෝගනී ” ගැන අපේ කන්වලට වේදනා දෙන තෙක් මොර දුන්නෝය. ඔවුන් මේ ලම්බෝගනී සොයා ගත්තේද නැත.සොයා ගත්තත් රජ පවුලේ සාමාජිකයන්ට සිදුවන අක්කරතැබ්බයක් ද නැත.

අද සිදුවන්නේ කුමක්ද?

ජනතාවට අධික සේ බදු බර පටවමින් මැති ඇමැතිවරුනට කෝටි ගණන් වටිනා වාහන ගෙන්වමින් ජාතික ධනය විනාශ කිරීමයි. ලංකාවේ ස්ත්‍රීන් මැදපෙරදිග බල මෙහෙවර කරමින් උපයන විදේශ විනිමය මේ දුෂිත පාලකයන්ට සුඛෝපභෝගී වාහන ගෙවන්නට තරම් අසංවේදී වන ආණ්ඩුවක ආයු කාලය කෙතරම් ද යන්න මේ දුෂිතයන්ට තේරුම් ගැනීම දුෂ්කර නිසා මෙවැනි සටහනක් වත් ලිවිය යුතු යයි සිතු වෙමි.

ලංකාවේ දුෂිත ජරාජීර්ණ වූ ජනතාවගේ  ඇස්වලට වැලි ගසන මේ දේශපාලන සංස්කෘතිය තවදුරටත් පෝෂණය කරන යහපාලන ආණ්ඩුව එහි හෙන්චයියනට අපේ රටේ ප්‍රභූ පන්තියට නැගීමට ග තම ද්‍රව්‍යමය සම්පත් ගැන ඇති අසීමිත ආශාව පිළිබද පිපාසය සංසිඳුවමින් සිටි. මේ දුෂිතයන් මේ දේශපාලන ක්‍රමය කවද හෝ එහි මරණ මංචකය ගෙන යන බව ඔවුනට අවබෝධ නොවන තරම් ඔවුන් දේශපාලන අඳ බාලයන්බවට පත්ව ඇත.

මේ දේශපාලකයන්ට ජනතාව පරිහරණය කරන ගමනාගමන ක්‍රම පාවිච්චි කිරීමට බැරි ඇයි? ඔවුන්ට අවශ්‍ය වන්නේ සුඛෝපභෝගී රථවල නැගී තුවක්කු ගත් ආරක්ෂකයන් කැටුව ජනතාවගේ ගමනාගමනයට අවහිර කරමින් වේගයෙන් හඹා යාමය. ඔවුන්ට ඉන්න සතුරන් කවුදැයි මේ මරෙටේ ජතාවට දැන් තේරෙන්නේ නැත.ඔවුන් අධි වේග මාර්ගවලදී වේග සීමාව ඉක්මවා ගමන් කරන්නේ සමහරවිට ආපදා රථ ගමන් කරනවාටත් වඩා වේගයෙනි.අපට මෙන් දඩ කොළ ඔවුන්ට ලැබෙන්නේ නැත.

මෙයටත් වඩා මේනිසා ඇතිවිය හැකි දේශපාලන අනතුරට මේ ආණ්ඩුව වගිකිව යුතු වෙයි. ජනතාවගේ ජීවන තත්වය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින රටක මේ කරන්නාවූ සුඛෝපභෝගී සෙල්ලම වහාම නැවත් විය යුතුය.මෙය තවදුරටත් පැවතිය හොත් මේ රටේ දිළින්දන් ජීවිත් වීමට නොහැකිව නැගී සිටින දිනය ඈත නොවනු ඇත. ආණ්ඩු ව අමතක නොකළ යුත්තේ, මේ රට තුල රටේ රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කැරලි තුනක් ඇති වූ බවය. ජනතා කෝපය යම් කිසි දිනක අග්නි ධාරාවක් බවට පත්ව මේ මුළු ක්‍රමයම ඉන් දවාලන්නට ඉන්ධන සපයන්නේ පාලකයන් ජනතාවගෙන් වියෝ වී සුඛෝපභෝගී ජීවත ගතකිරීමේ අතිශය අපරාධකාරී දේශපාලන ව්‍යායාමය තුලය.

Archive

Latest news

Related news