Friday, March 29, 2024

ඇමැති සාගල රත්නායක පොලීසියට නියෝග දෙන හැටි මෙන්ම!

ජායාරූපය: අහවලා අත්අඩංඟවට නොගන්නා ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක නියෝග දුන්නේද?

ඊයේ(30) රත්නපුර පැවැති පොලිස් දෙපාර්තමේතුවේ සැමරුම් උත්සවයක දේශණයක් පවත්වමින් සිටිය දී හදිසියේ ලද දුරකතන ඇමතුමකින් පොලිස්පති, පූජිත ජයසුන්දර මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ වන ඩිසාන් වික්‍රමරත්නව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අමාත්‍ය සාගල රත්නායකගෙන් උපදෙස් ලබාදෙයි.තමාට නොදන්වා ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇතැයිද පොලිස්පති දුරකථනයට පිළිතුරු දෙමින් කියයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සභාව අමතමින් සිටියදී පැමිණි මෙම දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වෙබ් අඩවි හා සමාජ ජාලවල මේ වනවිට දැඩි කථාබහක් මතුවී තිබේ. මෙම ඇමතුම පිළිබඳ සිය මතය ඉදිරිපත්කර ඇති බොහෝ දෙනා පවසා ඇත්තේ පොලීසියේ ස්වාධීනත්වය පිළිබඳව මෙම වීඩියෝව දැඩි ලෙස ගැටළුකාරී බවක් මතුකරන බව යි. එමෙන්ම වංචා දුෂණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයකන වෙත යහපාලන ආණ්ඩුවෙන් කරණු ලබන බලපෑම් මෙම සිදුවීමෙන් මනාව පිලිඹිබුවේ.

එමෙන්ම පොලීසිය වෙත අනවශ්‍ය ආකාරයේ බලපෑම් සිදුවන බවට ද මෙය උදාහරණයක්වන බව යි මේ පිළිබඳ අදහස් දක්වා තිබෙන බොහෝ සමාජ ජාල පරිශීලකයින් පවසා ඇත්තේ.මෙම ඇමතුම පිළිබඳ සිය මතය ඉදිරිපත්කර ඇති බොහෝ දෙනා පවසා ඇත්තේ පොලීසියේ ස්වාධීනත්වය පිළිබඳව මෙම වීඩියෝව දැඩි ලෙස ගැටළුකාරී බවක් මතුකරන බව යි.

මෙි අතර පොලිස්පතිට මේ ඇමතුම ලබාදෙන්නේ නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක බවට වාර්තා වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(01) පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙම ඇමතුම දුන්නේ සාගල රත්නායක නොවේ නම් ඔහු ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු බවද අනුර කුමාර දිසානායක මහතා කීය.

– Clolombo xnews

විඩිායා්ව පහතින් ( ඩේලි මිරර් අනුග්‍රහයෙනි)

 

https://soundcloud.com/daily-mirror-online/president-seeks-explanation-on-igp

Archive

Latest news

Related news