Tuesday, July 16, 2024

දිවයින ලියන බොරු: එජා වධහිංසා විරෝධී කමිටුව ගැන වර්ණකුලසූරියගේ ගජබින්න

ජායාරූපය: ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පච හළිය; ඔබ හැම ඒවයේ වහල්ලු! යැයි කියැවෙන සටන් පාඨයක්.

දිවයින පුවත්පකෙහි ආරක්ෂක අංශ විශේෂඥයා වන කිර්ති වර්ණකුලසූරිය දැන් තවත් ගජ බින්නයක් අතහැර තිබේ. තමා ආරක්ෂ අංශ  ගැන පමණක් නොව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන දන්නා බව පෙන්වීමට කැමැති මෙම පුද්ගලයා අද ( දෙසැ 01) දිවයින පුවත්පතෙහි පළකර ඇති ගජ බින්නය  අදාළ වන්න් මේ දිනවල ජිනීවාහි මුලුදෙන වධහිංසා විරෝධී එක්සත් ජාතින්ගේ කමිිටුවේ සැසිවාරය සම්බන්ධයෙනි.  මෙම කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ සිය විමර්ශනය පසුගිය 15 සහ 16 යන දියන්හිදී පවත්වන ලදී. එහි වාර්තාව මෙම මස 07 දින නිකුත් වේ.

වර්ණකුලසුරියගේ ගජ බින්නය මේසේය:

‘‘  ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීමේ සිද්ධි 2210 ක්‌ සිදුවී ඇති බවත් ඊට පොලිසිය සම්බන්ධ බවත් එම කමිටුව වෙත පැමිණිලි ලැබී තිබුණි.  එහෙත් 2011 සහ 2014 සමය තුළ පොලිසියේ වධහිංසාවලට ලක්‌වී ඇති පිරිස තිදෙනකු බව රජය පිළිගෙන ඇත.‘‘

divaina-3

වධහිංසා විරෝධී කමුටුවට පැමිණිළි 2210  ලැබි තිබුණේ නැත. එම පැමිණිළි ගණන සඳහන් කර තිබුණේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුලු විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවන්හිය‍. එමෙන්ම 2011 සහ 2014 සමය තුළ පොලිසියේ වධහිංසාවලට ලක්‌වී ඇති පිරිස තිදෙනකු බව රජය කියා සිටියේ ය යන්න අමූලික බොරුවකි. උත්ක කාලය තුල චධහිංසා පැමිණවිම සම්බන්ධයෙන් මෙරට අධිකරණය විසින් දඩුවම් ලබා දී තිබුණේ සිදුවිම් තුනකට පමණි.

මේ වනාහී ජනමාධ්‍ය විසින් බොරු ඇත්ත කිරිමේ නයායයි. ඇත්ත කණපිට හරවා බොරුවක් සමාජ ගත කිරීමය.

ආණ්ඩුවේ කිසිදු වාර්තාවක 2011 – 21014 අතරතුර මෙරට පොලිස් වධහිංසා පැමිණවීම් සිදුව ඇත්තේ අවස්ථා තැනකදී යැයි සදහන් වන්නේ නැත. ආණ්ඩුවේ  මෙමම සැසිවාරයේ දී  කියා සිටියේ චධහිංසා  විරෝධී කමිටුවේ සියලු  යෝජනා සහ අදහස් තමන්ගේ පුර්ණ සැලකිල්ලට යොමු වනු ඇති බවය.

එම කාලයතුළ වධහිංසා පැමිණවිම් තුනක් පමණක් සිදුව ඇතැයි යනු පොලීසියේ කපටි ආරක්ෂකයකු ලෙස පෙනී සිටින වර්ණකුලසූරිය සහ දිවයින කර්තෘගේ ප්‍රබන්ධයක් පමණි. අඩුම වශයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වධහිංසා විරෝධී කම්ටුවට ඉදිරිපත් කළ වාර්තාව ගැන වචනයක්වත් නොලියා සිටීමට වර්ණකුලසුරිය සහ දිවයින කර්තෘ ප්‍රවේසම් වී ඇත්තේ සිය කපටි ආරක්ෂක වෙස්මුහුණ පවත්වා ගැනීම පිණිය ය.

ජනමාධ්‍යයේ ප්‍රධාන කාර්යය දැනුවත් පුරවැසියකු බිහිකිරීමය. මෙවැනි මාධ්‍ය මගින් කෙරෙන්නේ අඥානපුරවැසියන් බිහිකිරීමය.

Archive

Latest news

Related news