Saturday, May 4, 2024

ආණ්ඩුවේ ලක්ෂ 277ක් වැය කර ගෝටාගේ පුතා ලොස් ඇන්ජලීස් නිවෙසක් ගත්හැටි සහ තවත් කතා

ජායාරූපය‍: ගෝටාගේ පුතා දුමින්ද රාජපක්ෂ සිය බිරිද සමඟ.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි වෙසෙන පුතා වෙනුවෙන් රටේ මහජන මුදලින් නිවසක් කුලියට ගෙන ඒ සඳහා රු. මිලියන 27 යි ලක්ෂ 7 ක් පමණ වියදම් කර ඇතැයි ද, එම නිවසට ඔහු කළ අලාභ වෙනුවෙන් තවත් ඩොලර් 10,000 ක් ගෙවා ඇතැයිද ඊයේ පාර්ලිමේන්තුවේ දී මංගල සමරවිර හෙළිදරව් කළේ ය. එම නිවෙස කුළියට ගත්තද එහි ශ්‍රී ලංකික කොන්සල් ජනරල්වරයකු සිටියේ නැත.

එමෙන්ම  මහින්ද රාජපක්ෂගේ බාල පුතා චිචී ජපාන සංචාරයක් සඳහා ද මහජන මුදල් රු. ලක්ෂ 20 යි 86000 ක්ද වියදම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්ෂගේ විදේශ සංචාර සඳහා වසර 2 ක ට පමණක් රුපියල් බිලියන 2. 3 ක් හෙවත් රුපියල් කෝටි 230 ක් වියදම් කර තාබෙන අතර ඔහුගේ කතා සකස් කිරීම වෙනුවෙන් ඇමරිකානු ලොබි ආයතනයකට පමණක් රුපියල් මිලියන 340 ක් පමණ ගෙවා තිබේ.

මේ මහා පරිමාන රාජ්‍ය මුදල් අවභාවිතාවන් සම්බන්ධයෙන් සෙවීමට බලතල සහිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කරන්නැයි ජවිපෙ මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා විසින් කරනලද ඉල්ලීම ර අගමැතිවරයා එකඟ විය. ඒ අනුව වනචර දශකයේදී විදේශ අමාත්‍යාංශය තුලින් කරන ලද මහා පරිමාණ දූෂණ සෙවීමට බලතල සහිත  විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරනු ඇත.

මෙම සියලු වරදවලට වග කිව යුත්තේ ජී.එල්. පිරිස් බව ද අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේය‍

 

Archive

Latest news

Related news