Friday, November 22, 2024

‘යුද‘ විශේෂඥ වර්ණකුලසූරියගෙන් තවත් ටොන් පචයක්!

බොරුකීම ජනමාධ්‍යවේදය බවට පත් කොට ඇති දිවයින පුවත් පතෙහි කිර්තා වර්ණකුලසූරිය නැවතත් ටොන් පවයක් දිවයින පුවත්පතෙහිම අතහැර තිබේ.

මෙවර ඔහු ලියා ඇත්තේ ශ්‍රි ලකාව සම්බන්ධයෙන් 2004 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ 30/1 දරන යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට බලයක් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇති බවය.

කීර්ති වර්නකුලසූරිය නම් පචයාට අනුව මෙළෙස එම යෝජනාව ඉවත් කර ගනු ඇත්තේ ජනාධිපති සිරිසේන ෙඩානල්ඩ් ට්‍රම්ප්ට යවන ලද ලිපියට ප්‍රතිචාරයක් වශයෙනි. ඩොනල්ඩ්  ට්‍රම්ප්ගේ අන්තර් ජාතික පිලිවෙක කුමක්වනු ඇත්දැයි කිමට තවම කිසිවකු සමත් වී නැත. කෙසේ වෙතත් ඔහු සිය සඟයකු ලෙස තොර්සා මේගේ නායකත්වයෙන් ඇති මහා බ්‍රිතාන්‍ය සළකනු ඇති බව පෙනෙන්නට තිබේ.

මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද යෝජනාවක් ඉවත් කිරීමට කිසිදු රටකට නොහැක. කල හැක්කේ එම යෝජනාව නිශ්ප්‍රභා වන පරදි වෙනත් යෝජනාවක් සම්මත කිරිමය.

එවැනි අවස්ථාවක් මානව හිමිකම් කවුන්සිලයෙහි මේ තාක් ඇතිවී නැත.

තවද එකී 30/1 යෝජනාව සම්මත කරන ලද්දේ මහා බ්‍රිතාන්‍ය, කැනඩාව සහ යුරෝපා සංගමයේ ක්‍රියාකාරී දායකත්වය ඇතිවය. එම කිසිදු රටක් හෝ රටවල් සමූහයක් යළි යෝජනාවක් මගින් 30/1 නිශ්ප්‍රභා කිරීමට එකඟ නොවනු ඇත.

තමන් යුද්ධ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන විශේෂඥයකු ලෙස පෙනී සිටින මේ පුද්ගලයා මෙයට පෙරද මෙවැනි බොරු දිවයින පුවත්පතෙහි පල කර තිබේ. පෙනෙන විදිහට එම පුවත් පතෙහි කර්තෘද එවැනිම බොරු පළ කිරිමට සැදී පැහැදී සිටින බව පෙනේ.

මෙවැනි මාධ්‍ය කලාවක් ඇති විට මාධ්‍ය නිදහසට දෙවින්ගේම පිහිටය.

Archive

Latest news

Related news