Monday, May 20, 2024

උසාවියට සුදු සාරි ඇද පැමිණිය යුතු බවට නියෝගයක් මත පොඩි කුමාරිහාමි අත්අඩංඟුවට

මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන කාන්තාවන් සුදු සාරි පමණක් අද පැමිනිය යුතු යැයි එහි මහේස්ත්‍රාත්වරිය නියෝගයක් පණවා ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තා කරයි.

මෙම අරුම පුදුම පුවත දැක්වෙන්නේ පූජාංගනය, මහියංගනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි මහත්මියට විරුද්ධව එකී මහේස්ත්‍රාත්වරිය ගෙන ඇතියි තියන අසාධාරණ පියවරයන් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුසාරයෙනි.

එළෙස සුදු සාරියකින් සැරසී නොපැමිණයේයැයි පොඩි කුමාරාහාමි අත් අඩංඟුවට ගැනීමට ද එම මහේස්ත්‍රාත්වරිය පියවර ගෙන තිබේ.

මහියංගන මහේස්ත්‍රාත්වරිය වන තිසානි තේනබදු විසින් පොඩි කුමාරිහාමි මහත්මියට දිගින් දිගටම කරදරකාරී පියවර ගෙන ඇතියි එම පැමිණිල්ලේන් දැක්වේ.

ඊට අනුව මෙම මහේස්ත්ත්‍රාත්වරිය පොඩි කුමාරිහාමි මහත්මියට අයත් ඉඩම් බලයෙන් පොලීසිය සමඟ එක්ව අල්ලා ගැනීමට පවා පියවර ගෙන ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටී.   පොඩි කුමාරිහාමිගෛ් ඉඩම් පිළිබඳව ආරවුලක පටලැවී සිටින බැවින් තිසානි තේනබදු මහේස්ත්‍රාත්වරියට ආ සම්බන්ධ නඩු ඇසීමට සදාචාරාක්මක අයිතියක් නැති බවට එය පෙන්වා දෙයි. පොලීසිය සිය වසඟයට ගෙන තේනබස ුවිසින් තමන්ට එරෙහිව අසාධාරණ පියවර ගනිමින් සිටින බව පවසන පොඩි කුමාරිහාමි සිය අයිතින් රැකදිම සඳහා ඉදිරිපත්වන ලෙස ජනමාධ්‍යයෙන්ද ඉල්ලා සිට තිබේ.

තමා මෙම අසාධාරණය ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිළි කළද තවම කිසිදු පියවරක් ගෙන නැතියි පොඩි කුමාරිහාමි කියා සිටී.

පුදුමාකාර ඒකාධිපති බලයක් පාවිච්චි කරමින් තේනබදු මහේස්ත්‍රාත්වරිය සුදු සාරියකින් නොසැරසී එන කිසිවකුට අධිකරණයට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස පොලීසියට උපදෙස් දී තිබේ. එනමුත් පුරුෂ පක්ෂයට එවැනි කිසිදු තහංචියක් තේනබදු පණවා නැත.

අධිකරණයකට පැමිණීමේදී නිසි ඇදුමකින් සැරසී පැමිණිය යුත නමුත් ඇදුම සහ වර්ණය නියම කිරීමට කිසිම විනිසුරුවරියකට හෝ විනිසුරකුට නොහැකි යැයි ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටී.

එමෙන්ම මෙම සිදුවීමෙන්ද පෙන්නුම් කැරෙන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පිරිහීම බව එය අයධාරණය කරයි.

Archive

Latest news

Related news