Sunday, April 28, 2024

වීඩියෝ: ගෝඨා ගැන අපි දන්නවා! ජනපතිතුමනි ජන්දය නොදීපු ලක්ෂ 54 ලං කර ගන්න ගිහින් ජන්දය දීපු 64ත් නැති කර ගන්නා එපා! – සමන් රත්නප්‍රිය

‘ගෝඨාභය රාජපක්ෂ තමා සූදානම් බව කියා තියෙනවා. නමුත් එයා කරපු දේවල් අප දන්නේ නැත්ද? ලසන්ත මරළ දැම්මේ ගෝඨාගේ කාළෙ, ප්‍රගීත් අතුරුදහන් කළේ ගොඨාගේ කාළේ නොවෙයිද? නඩරාජා රවිරාජ්, ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කළේ ගෝඨාගේ කාළේ නොවයිද? ඒවට උත්තර කෝ? හම්බන්තොට රාජපක්ෂ පවුලේ ස්මාරක හදන්න කොටි ගණන් දුන්නේ ඔය ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් නොවෙයි ද? යැයි ප්‍රශ්ණ කරන පුරවැසි බලය සම සංවිධායක සමන් රත්නප්‍රිය ජනාධිපතිවීමට කලින් එම ප්‍රශ්ණවලට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දිය යුතුයි කියා සිටි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ පසුගිය 02දා කොළඹදී පැවැති සිවිල් සමාජ රුස්වීම අමතමිනි.

කව දුරටත් කතා කරමින් ඔහු කියා සිටියේ වත්මන්  ජනාධිපති සිරිසේන බලයට පත් වූයේ පක්ෂය හිසේ තියාගෙන වැඩ කරන්නට නොව පොරොන්දු  ඉටු කරන්නට බවයි. තමාට ජන්දය දුන් ලක්ෂ 64 වෙනුවට තමන්ට ජන්දය නොදුන් ලක්ෂ 52ත් ගන්නට ගියොත් දෙකම නැතිවන බව තේරුම් ගත යුතු බවයි.

බැදුම්කර මඟඩිය, රාජපක්ෂ වංචා දූෂණ, ඩිලාන් පෙරේරාගේ වංචා දූෂන සහ ආවා කල්ලිය ගැන අදහස් දක්වම්න් එම රස්වීමේදී සමන් රත්නප්‍රිය කළ සම්පූර්ණ කතාවට පහතින් සවන් දෙන්න:

Archive

Latest news

Related news