Sunday, April 28, 2024

ජනමාධ්‍යවේදය ඉගෙන ගන්න මේ වීඩියෝව බලන්න

වංචාකාරී දේශපාලනඥයින්ගෙන් ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රශ්ණ කළ යුතු සැටි ඉගෙන ගැනීමට නම් මෙම වීඩියෝවෙහි ජනමාධ්‍ වේදීන් දෙදෙනෙකු ප්‍රශ්න විමසන හැටි බලන්න.

කිසිම ප්‍රතිප්තියක් නැති දේශපාලනඥයින් දෙදෙනෙකු වන ජී.එල්.පිරිස් සහ බන්දුල ගුණවර්ධන යන දෙදෙනො වත්මන් ආණ්ඩුවේ දූෂණ  ගැන පමණක් කතා කිරීම ගැන අසන ප්‍රශ්ණ හමුවේ මෙකී දේශපාලනඥයින් දෙනොගේම රෙදි ගැලවෙනු බලාගත හැකිය.

බීබීසී වාර්තාකරු ආසාම් අමීන් මෙම දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්ණයට ප්‍රශ්ණය අසන ඇයුරු බලා සිටීම ජනමාධ්‍යයේ බලය කුමක්දැයි තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.

අනෙක් ජනමාධ්‍යන්ට බැට දෙනු වෙනුවට ආණ්ඩුවේ ප්‍රධානීන් කළ යුත්තේ තමන්ගේ පත්තර සහ රෑපවාහිනී මාධ්‍යයන්හි සිටින ජනමාධ්‍යවේදින්ට පිට කොන්දක් සවිකර මෙළෙස ඕනෑඹ දේශපාලනඥයකුගෙන් ප්‍රශ්ණ ඇසීමට අවස්ථාව ලබා දීමයි.

Archive

Latest news

Related news