Saturday, April 27, 2024

අාවා කල්ලිය පිටිපස සිටින ජෙනරල් හෙළිකරන්න

ජායාරූපය: රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ආවා කල්ලිය ගොඩ නැගූ බව ලංකා නිව්ස් වෙබ් කියයි.

ආවා’කල්ලිය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත බිහිවූවක් බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබ්නට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරතන මහතා කරනලද ප්‍රකාශය උපුටා දක්වන විදේහගත දෙමළ ඊළාම් රාජයේ ප්‍රධනී රුද්‍රකුමාරන් මහතා එම කල්ලිය පිටිපස සිටින ජෙනරල් වරයා හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටි.

මේ අතර පුවත් වාර්තාවක් පල කරන ලංකා නිව්ස් වෙබ් කියා සිටින්නේ ‘ යාපනය තුළ ‘ආවා’ නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, රාජපක්ෂ පාලන සමයේ උතුරු ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව‘ ය.

රාජිත සේනාරත්න අමැතිවරයාගේ  ප්‍රකාශය රජසේ දිනමි‍ණ පුවත්පත මෙසේ වාර්තා කර තිබේ:

‘‘එදා මේ අය බිහිකළ ආවා කල්ලිය පිළිබඳව අදත් ඔවුන් යළී යළිත් හාරා අවුස්සා අනවශ්‍ය කලබල ඇති කරන බවද ඇමැතිවරයා පවසයි. මේ කල්ලි සාමාජිකයින්ට කන්නට බොන්නට දී පෝෂණය කළ පසුගිය රජයේ වගකිව යුත්තන් අද මේ ‘අනවශ්‍ය කලබල’ තුළින්දේශපාලන වාසි ගැනීමට උත්සහ කරන බව පෙන්වා දෙන ඇමැති රාජිත සේනාරත්න මහතා ,තමන් රහස් ඔත්තු සේවාවවන්ට පවසන්නේ මේ පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කරන ලෙස බවද අවධාරණය කරයි. මේ කල්ලියට එදා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නද වත්මන් රජය තුළින් ඒ වරම නොලැබෙන නිසා මේ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද අවධාරණය කරන ඇමැති රාජිත සේනාරත්න මහතා රජය මේ කල්ලිය මර්දනය කිරීම දැන් අරඹා ඇතැයිද කියයි.‘‘

 

Archive

Latest news

Related news