Saturday, April 27, 2024

රාජපක්ෂ රාජපක්ෂ අැන්ඩ් කොම්පැනි හෙවත් සාටක වංශය: වනචර දශකයේ දූෂණ භීෂණ ගැන පොතක් අන්තර් ජාලයට

රාජපක්ෂ අැන්ඩ් කොම්පැනි හෙවත් සාටක වංශය නමින් පොතක් අන්තර් ජාලයට දැන් මුදා හැර තිබේ. එය පළ කර ඇත්තේ දැහැමි පුරවැසි පදනම නම් ආයතනය විසිනි. එය සමබන්ධ කර ගැනීම පිණිස [email protected] ඊමෙල් ලිපියනයක්ද ලබා දී තිබේ.

එහි පෙරවදනෙහි මෙසේ  කියැවේ:

ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ”වනචර දශකය” නමින් හඳුන්වන මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ රාජපක්‍ෂ නඩය රට පාලනය කල 2005 – 2015 කාල පරිච්ජේදය ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක කාල පරිච්ජේදයකි.

මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමඛ රාජපක්‍ෂ පවුල දේශපාලන බලය අත්කර ගැනීමෙන් පසුව එම දේශපාලන බලය උපයෝගී කරගෙන මෙරට ජනතාවට අයත් රජයේ මුදල් රුපියල් බිලියන ගණනින් සොරකම් කර ගැනීමට තම පවුලේ සාමාජිකයනට සහ ගජ මිතුරනට අවස්ථාව සලසා දුනි. මු`ඵමහත් සමාජයම භීතියට පත් කරමින් රාජපක්‍ෂ ජුන්ටාව මහජනතාව ගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සුනු විසුනු කොට, තමන්ට එරෙහි වූ ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජීය කි‍්‍රයාකාරකයින් සිය ගණනක් අතුරුදහන් කරනු ලැබීය. මෙම ඒකාධිපති පවුල්වාදී රාජපක්‍ෂ ජුන්ටාව බිඳ දැමීම පහසු කාර්යයක් නොවීය.

2015 ජනවාරි 08 දින සිදු කල දේදුුනු විප්ලවයෙන් එම ඉතාමත් අසීරුව තිබූ කාර්ය ඉටු කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සියලූම දේශපාලන පක්‍ෂවල නායකයන්ට හා සිවිල් සංවිධානවල හා එහි නායකයන්ට මෙම ග‍්‍රන්ථය උපහාරයක් වේවා.

එම පොත කොටස් දෙකක් ලෙස පිඩීෆ් ගොනුවක් වශයෙන් මෙහි කියවිය හෝ බාගත කර ගත හැක.

rajapaksa_co_part1_web

rajapaksa_co_part2_web

එහි මුහුණු පොත සඳහා මෙතැන කොටන්න

පටුන

%e0%b6%b8%e0%b6%bb%e0%b7%8f-4

 

Archive

Latest news

Related news