පින්තූර: සිසු ඝාතනයට එරෙහි උතුරේ හර්තාල්

390

(පින්තූරය: ගරිකාලන් ට්විටර්)

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට ශෝකය පළ කරමින්, එයට වගකිවයුත්තන්ට වහාම නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (25) උතුරු පළාත පුරා හර්තාලයක් ක්‍රියාත්මක වේ.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල පිහිටි සියලු වෙළෙඳසැල් වසා දමා ඇති අතර උතුරු පළාතේ බස් ධාවනයද නැවතී තිබේ.

මේ අතර උතුරේ පිහිටි සෑම නගරයකම නගර මධ්‍යයේ පිහිටි පාසල් සියල්ලක්ම වසා දමා ඇත.

එමෙන්ම යාපනය සරසවියේ සහ වවුනියාව මණ්ඩපයේ කළුකොඩි ඔසවා තිබේ.

 

Harthal1 600px 16 10 25

– ලංකා ට්රුත්