Friday, May 3, 2024

වීඩියෝ: සාධාරණ සමාජ ව්‍යාපාරය කොහේ තිබුණ එකක්ද? ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සිවිල් ක්‍රියාකාරීන්ට බැණ වදී!

(සාධාරණ සමාජයක් සඳහා වූ මහජන ව්‍යාපායේ ඉල්ලීම් 10ය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීම)

සාධාරණ සමාජයක් සඳහා වූ මහජන ව්‍යාපාරය කොහේ තිබූ එකක් දැයි විමසන ශ්‍රිලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සිවිල් සමාජ ක්‍රියාධරයින්ට රාජපක්ෂ භාෂාවෙන් බැන වදින්නට පටන් ගෙන තිබේ.  එම ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරූ මාදුළුවාවේ සෝභිත හිමියනට 2015 ජනාධිපතිවරණ අවස්ථාවෙහිදි වස බෝතලයක් දෙන්නට ඉදිරිපත්වූයේ ද මෙම ඩිලාන් පෙරේරාය.  ඔහු නොදන්නේ නම් එම ව්‍යාපාරය තිබුණේ කොහිදැයි ජනාධිපති සිරිසේනගෙන් විමසා දැන ගත හැකිය.

හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා ඉවත් කරන්නැයි කියන සාධාරණ සමාජ ව්‍යාපාරයයේ හාල්පාරු මහාචාරියාට කණ පැලෙන්න ගහන්න  ඕනෑ යයි ද සිවිල් සමාජය යැයි කියා ගන්නා පිරිස් රිලව් සහ ඔලමොට්ටලයින් යැයිද ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා ප්‍රකාශ කරයි.

මෙවැනි  බංකොලොත් දේශපාලනඥයින් සමඟ ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශිත යහපාලන දේශපාලනය ගැලපෙන්නේද යන්න විමසා බැලීමට දැන් කාලය එලඹ තිබේ.

සාධාරණ සමාජයේ සිටිනා රස්සාව හෙද වෘත්තිය වූ අයෙක් හෙද වෘත්තිය හැර අන් සියළු දේ කරන බවට සමන් රත්නප්‍රියට බැණ වදින  ඩිලාන් පෙරේරා ජනාධිපති ආරක්ෂා කරමින් සිය බැණ වැදීම කරන සැටි මෙම විඩියෝවෙන් නරඹන්න.

https://www.youtube.com/watch?v=yzvoOgFQIIA

 

Archive

Latest news

Related news