Tuesday, April 23, 2024

පොලිස් වෙඩි තැබීම ද්‍රවිඩ ජනතාවගේ ගමන් මගේ තවත් හැරවුම් කාරකයක් – දයාපාල තිරාණගම

( කොළඹදී පැවැති උද්ඝෝෂනය සහයෝගිතා ක්‍රියාවක් මෙන්ම ආණ්ඩුවට අභියෝගයක්ද වියග ජායාරූපය විකල්ප වෙතිනිි)

ජනතාවක් වශයෙන් ද්‍රවිඩ කොටින් මෙන්ම ලංකාණ්ඩුවේ හමුදා වලින්ද ද්‍රවිඩ තරුණයන් ස්ත්‍රීන් ළමයින් සහ වැඩි හිටියන් තමන් අපේක්ෂා නොකළ තිස් අවුරුදු කුරිරු යුධයක ට පටලවනු ලැබූ අමිහිරි සහ කටුක අතීතය ක අත්දැකීම් තවමත් මැකී නැත.එය ට පිළියම් කිරීම පසෙක තබා දැන් අණ නොතකා ධාවනය කිරීම නිසා මාරු කැඳවමින් තරුණ ජීවිතයන් තුට්ටුවකටවත් නොසලකන පොලිසිය ක් තරුණයන් මැර බලය ට යටත් කිරීමේ වෑයමක් දකින්නට ලැබේ. මහා ජාතික ආපදාවක මේ බියකරු අත් දැකීම් ඔවුන්ගේ පොදු දුෂ්කරතාවයන්ට පදනමක් දෙමින් ජාතියක් ලෙස ඔවුන් යන ගමනේදී එක්සත් කිරීමේ සාධකයක් බවට පත්වනු ඇත.

ද්‍රවිඩ තරුණයන් ද්වන්ද පීඩනයකට හසු වෙයි.ධනපතික්‍රමය යටතේ ජීවිතය ගෙනයාමේ පීඩනය මින් එකකි.අනික වන්නේ ද්‍රවිඩ යෙක් වන නිසා ඇති පීඩනය යි.අණ නොතකා යතුරු පැදිය පැදවූ තරුණයන්ට වෙඩි වැදුනේ මේ දෙවන හේතුව නිසාය.

මේ ද්වන්ද පීඩනය වාමාංශික යයි කියා ගන්න කොටස් පිලි ගන්නේ නැත.එයට හේතුව සමාජවාදය පිහිටුවීමෙන් පසුව වෙනම ජාතියකට ඇති පීඩනය සමාජවාදය යටතේ විසදිය හැකි බව ඔවුන් විශ්වාස කරන බැවිනි.ජාතික පීඩනය ආර්ථිකමය කරුණු වලට ලඝු කල නොහැකිය.මෙය ලෝකය පුරා සමාජවාදය පිළිබද අත්දැකීම් කියා දෙන තිත්ත වුවත් ඇත්තකක්ය.බොහෝ විට වාමාංශික යයි කියා ගන්නා පක්ෂයන් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා ඝාතනය කිරීමේ විරෝධය අවම මට්ටමෙන් තබා ගත්තේ එමනිසාය.

එසේ නමුත් අද සවස කොළඹ කොටුව ඉදිරිපිට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් දැක්වූ අධිෂ්ටාන සගහත විරෝධය ද්‍රවිඩ තරුණයන් දෙදෙනා මරා දැමීමට එරෙහිව ද්‍රවිඩ ජතාවට දැක්වූ සහෝදරාත්මක පණිවිඩයක් මෙන්ම යහපාලන යට එල්ලකළ අභියෝගයක්ද විය.

Archive

Latest news

Related news