Monday, May 6, 2024

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමට මහේල සහ සංගක්කාර යුරෝපා සංගමය සමඟ එක්වෙයි!

( මහේල සහ සංගක්කාර කාන්තාවන්ට එරෙහි හිංසනයට හයේ පහරක් දී  පළවා හැරිමට එක්වේ; ජායාරූපය දි ඉන්ඩිපෙන්ඩන්නට් අනුග්‍රහයෙනි)

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසයන පිටු දැකිමේ යුරොිපා සංගමයේ වයාපාරයෙහි නියෝජිතයින් වශයෙන් පත්කර ඇති බව කොලඹ යුරෝපා සංගමයේ කාර්යාලය නිවේදනය කරයි. එම මාධ්‍ය නිවේදනය පහත පළවේ:

කාන්තා අයිනීන් පිළිළිබිබඳ දැනුවුවත්භාවය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්ක්කාර යුරෝපා සංගමයේ ශී‍්‍රී ලංකාවේ නියෝජිත මණ්ඩලය සමග එක්වේ.

කොළඹදී, 2016 ඔක්තෝබර් 24 – කාන්තා හිංසනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා වන තම ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තමන් සමඟ හවුල්වීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය තමන්ගේ සතුට පළකර සිටී.

කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් මස 25 වන දින දියත් කෙරෙන ,කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු, ‘Let’s Hit Violence Against Women for Six’  ( කාන්තාවන්ට එරෙහි හිංසනයට හයේ පහරක් දී පළවා හරිමු! )යන තේමාව යටතේ, ලංකාවේ කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මහේල සහ කුමාර් එක්වී සිටිති.

,අපගේ යුරෝපා සංගම් කියෝජිතයන් ලෙස මහේල සහ කුමාර් ඉදිරිපත්වීම ගැන අපි ඉතා සතුටට පත්ව සිටිමු, යැයි පැවසූ එම සංගමයේ දේශපාලන, වාණිජ සහ සන්නිවේදන අංශ ප‍්‍රධානි පෝල් ගොඞ්ෆ‍්‍රි මහතා තවදුරටත් මෙසේද පැවසීය ,කාන්තා හිංසනය ශී‍්‍ර ලංකා සමාජයේ ගැඹුරින්ම මුල්බැසගත් බරපතල ගැටළුවකි. අවාසනාවකට මෙන් ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගෙන් අඩක්ම කිසියම් ආකාරයේ හිංසනයක අත්දැකීම් විඳ ඇති බව අධ්‍යයනයන්ගෙන් හෙලිවී ඇත. එනමුත් මෙම ගැටළුව ප‍්‍රසිද්ධියේ කථා කිරීම තහංචියක් වී ඇත. කාන්තා හිංසනය පිළිබඳව ප‍්‍රසිද්ධියේ කථාකිරීම පිළිගත් කරුණක් බව ඒත්තු ගැන්වීමටත් අවසානයේ කාන්තා හිංසනය තුරන් කිරීමටත් කාන්තා හිංසනයට එරෙහිව නැගී සිටීමට මහේල සහ කුමාර් ගත් තීරණය උපකාරක් වනු ඇත.,

ශී‍්‍ර ලංකාවේ මෙන්ම ලොව පුරාම කාන්තාවන් සහ පිරිමින් අතර සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමටත්, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස් ලෙස සැලකීමට එරෙහිව සටන් කිරීමටත්, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ කරුණු පිළිබ`ද දැනුවත්භාවය ප‍්‍රවර්ධනය කිරීමටත් දිගුකාලීන කැපවීමක් යුරෝපා සංගමය විසින් සිදුකරනු ලබයි.

Archive

Latest news

Related news