Friday, May 3, 2024

පොලිස් අණ නොකතා පලා යද්දී වෙඩි තියන්න අයිතියක් නැහැ! 

අණ නොතකා පලා යන නිරායුධ පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා පොලිසියට කිසිම බලයක් නොමැති බව ශ්‍රී ලංකාවේ නීති විශාරදයෙක් පවසයි.

අණ නොතකා පලා යන්නේ නම් අවම බලයක් යොදා අත්අඩංගුවට ගන්නා ආකාරය හෝ යටත් කර ගන්නා ආකාරය 1979 අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 23 වගන්තියේ 2 සහ 3 යන උප වගන්තිවල පැහැදිලි ලෙස දක්වා ඇති බව නීතිවේදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා  බීබීසී සිංහල සේවයට පවසා තිබේ.

ඉන් ඔබ්බට ගොස් පොලිසිය සිය බලය යොදන්නේ නම් එය බලය අතික්‍රමණය කිරීමක් ලෙස හැඳින්විය හැකි බවද  ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා  මෙසේද කියා තිබේ:

“කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය සාමාන්‍ය‍ය ජනතාව, එවැනි අය ළඟ අවි ආයුධ නැහැ. පොලිසිය ළඟ අවි ආයුධ තියෙනවා. මෝටර් රථ, දුරකථන තිබෙනවා. ඉතින් කෙනෙක් අණ නොතකා පලා යනව නම් ඒ අය ලුහුබැඳ යන්න පුළුවන්.”

“යම් කිසි අයකු අණ නොතකා රිය ධාවනය කරන්නේ නම් එය මෝටර් රථ ආඥා පනත උල්ලංඝනය කිරීමක්. මාර්ග නීති කඩ කිරීමක්. ඒ අය මිනී මරලා නැහැ.”

එවැනි පුද්ගලයකු ලුහුබැඳ ගොස් මෙල්ල කර ගැනීමට පොලිසිය කටයුතු කළ යුතු බවත් එසේ නොහැකි නම් පමණක් අවම බලය යෙදිය යුතුයි.

එහිදී යම් කිසි අයකු වෙඩි තබන්නේ නම් සිය ආත්මාරක්ෂාවේ අයිතිය භාවිතා කොට පොලිසියට එවැනි පුද්ගලයකු යටත් කළ හැකි නමුත් ඔහුගේ මරණය සිදු කිරීමට කිසිදු බලයක් නොමැත.

මේ අතර යතුරුපැදියක්‌ පොලිස්‌ අණ නොතකා ධාවනය වූ පළියට ඔවුන්ට වෙඩි තැබිය නොහැකි බව විපක්‍ෂ නායක යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා “දිවයින”ට පවසා තිබේ මෙ පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කළා.  ‘යාපනය සරසවි තරුණයන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය නවත්වන්න කියලා පොලිසිය අණ කරලා තියෙනවාලු, නොනවත්වාම යතුරුපැදිය ධාවනය වුණා කියලා වෙඩි තියලා තියෙනවා. ඔය විදිහට වෙඩි නොතබා නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා‘ යැයි ඔහු තවදුරටත් පවසා තිබේ.

අතර

-ජායාරූපය බිබීසී සිංහල සේවයෙනි

Archive

Latest news

Related news