Monday, May 6, 2024

මෛත්‍රීට-රනිල්ට ලොකු හැන්දෙන්;අධ්‍යාපනයට කන් හැන්දෙන්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් පත් කළ 2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 645ක් වෙන් කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂයට රුපියල් කෝටි 125ක් වෙන් කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට ගයවර (2016) වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 415ක වැඩිකිරීමකි. අග්‍රාමාත්‍යවරයාට ගියවරට සාපේක්ෂව මෙවර රුපියල් කෝටි 85ක වැඩිකිරීමකි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යනරයා ගියවරට සාපේක්ෂව 100%කටත් වඩා වැඩි මුදලක් වෙන් කරගෙන තිබේ. එහෙත් මෙරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 790ක් පමණි. එය ගියවරට වඩා රුපියල් කෝටි 1090ක අඩු වීමකි. ඒ අනුව ගියවර වෙන් කළ මුදලට සාපේක්ෂව 70%ක පමණ මුදල් ප්‍රමාණයක් ආධ්‍යාපනයෙන් කප්පාදු කර තිබේ.

මීට අමතරව මෙවර ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 2840ක්ද සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 1609ක්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් කෝටි 1634ක්ද වෙන් කර ඇත. ගියවරට සාපේක්ෂව මෙරව සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් කෝටි 140කුත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 220කුත් කප්පාදු කර තිබේ

– Lanka Truth

Archive

Latest news

Related news