Monday, May 6, 2024

අනතුරකින් මළ බවට පොලීසිය වාර්තා කළ සිසුන් මියගියේ් පොලිස් වෙඩි පහරින්

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙහි යාපනයේ කොකාවිල් පෙදෙසෙහිදී සරසිවි සිසුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දැමු පොලීසිය එම ඝාතනය වසන් කිරීම පිණිස ජනමාධ්‍යද යොදා ගෙන ව්‍යාජ ප්‍රචාරයක් ගෙන ගිය බව දැන් හෙළි වී තිබේ.

මෙම සිදුවීම පෙන්නුම් කරන්නේ පොලිසිය තවමත් යුදකාලීන මානාසිකත්වයේ හිදිමින් දෙමළ ජනයා ඝාතනය කර බොරු හේතු ඉදිරිපත් කළ හැකි යැයි සිතා සිටින බව යාපනයේ පිරිස් පවසති.

එසේ ගාතනය කෙරුණේ යාපන  සරසවියේ  දේශපාලන විද්‍යා පීඨයේ  නඩරාසා කජාන් හා  ජනමාධ්‍ය සිසු පුවන්රාජා සුලක්ෂන් කන්දරොඩේ  මිය ගිය සිසුන් දෙනොය.

මෙම සිදුවීමආණ්ඩුවේ දිනමිණ පුවත්පත වාර්තා කළේ මෙසේය:

‘‘යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු  අද අලුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී  ඔවුන් ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.

එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. යාපනය සරසවියේ කලා අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ  මොවුන් චුන්කම්හි පිහිටි එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වීමෙන් අනතුරුව අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් මත්පැන්  පානය කොට සිට ඇති බවත් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.‘‘

ඒ පොලීසිය කියා සිටි කතාවය. එසේ නමුත්  එක් සිසුවකුගේ හිසෙහි වෙඩි පහරක ළකුණු ඇති බව රෝහලේදී අනාවරණය විය. ඒ හේතුවෙන් යාපන සරසිවි සිසුහු කැළඹුනහ. ආවේගකාරී තත්වයක් මතුවූ බව යාපනයේ දෙඹල වෙබ් මාධ්‍ය වාර්තා කළේය.

එකතුදුත් පොලීසිය මෙම මරණ සිදුවූයේ සිය වෙඩි ප්‍රහාර නිසා ප්‍රකාශ කළේ නැත.

එසේ වුවත් ආණ්ඩුවට නිහඪව සිටීමට නොහැකි විය. ජනාධිපතිවරයා එම සිදුවීම සම්බන්දයෙන් නිසි පරික්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ අතර ඒ අනුව එම ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් පසු දෙනෙකු අත් අඩං ඟුවට ගන්නා ලදී.

එසේ අත්අඬංඟුවට ගත් පොලිස් නිලධාරීන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඒ හිල්මි මොහමඩ් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සරසිවි සිසුන්ට වෙඩි තබා මරාදමන ලද ස්ථානය මහේස්ත්‍රාත්වරයා පරීක්ෂා කරයි;
සරසිවි සිසුන්ට වෙඩි තබා මරාදමන ලද ස්ථානය මහේස්ත්‍රාත්වරයා පරීක්ෂා කරයි

දැන් එම සරසවි සිසුන් දෙදෙනාගේ මරණයට  හේතු සෙවීමට  රහස්  පොලිසියට බාර දී තිබේ.

පොලීසියේ දෙවැනි කතාව වන්නේ යතුරු පැදිය නෙනවත්වා ගමන් කළ බැවින් වෙඩි තැබීමට සිදුවූ බවයි. වෙඩි තබා ඇත්තේ ඔලුවටමය.

යතුරුපැදිය පදවා ගෙන ගිය සිසුවාගේ හිසට  වෙඩි පහර  දෙකක් වැදී ඇති බවත් යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව අනතුර  සිදු වු බවත්  පිටුපස ආසනයේ සිටි සිසුවාට  වෙඩි වැදී නැති බවත් එහෙත් ඔහු අනතුරින් ඔහු මිය ගිය බවත් වෛද්‍ය වාර්තා වල දැක්වෙන බව මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන දෙමළ ජාතික සන්දානය යාපනයේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිදුවීම දැඩිව හෙලා දැක තිබේ.

නිසි පරික්සණයක් පවත්වන සේ ජනාදීපතිවරයා නියෝග කරන ලද්දේ ආර් සම්ප්න්දන් මහතා මේ බව සිකුරාදා උදෑසනත්‍රිමලේ පැවැති උත්සවයකදී  ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුවය.

Archive

Latest news

Related news