Tuesday, April 30, 2024

කෙහෙළියගේ පුත්‍රයාගේ රථයේ හොර අංක-රියදුරු බලපත්‍රයත් තහනම්

( අනතුරට ලක්වූ වාහනය සහ ස්ථානය)

හිටපු මාධ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප මහින්ද පිලේ මන්ත්‍රී කෙහළෙිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල විසින් බීමතින් රියපදවා සිදු වූ අනතුරු සම්බන්ධයෙන් පැවති නඩුව අද (27) කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබූ අතර රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රය අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර ඇත.

කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා කුරුඳුවත්ත පොලිසිය විසින් ඔහුට එරෙහිව ගොනු කර තිබිණ.

මේ අතර කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අනතුර සිදුවූ වේලාවේ සිදුකළ බැලූන් පරීක්ෂාවේදී ඔහු බීමතින් සිටි බව අනාවරණය වූ බවත් අනතුරින් පැය දෙකකට පමණ පසු තුවාල සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඔහු ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ ඇල්කොහොල් ගඳ වහනය වූ බව එම වාර්තාවේ සඳහන් ව ඇති බවත් ය.

පොලිස් ඇප මත සිටින රමිත් රඹුක්වැල්ලට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 18 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.

– ලංකා ට්රුත්

Archive

Latest news

Related news