Tuesday, April 30, 2024

මහබැංකු බැදුම්කර වංචාවේ චූදිත අර්ජුන් මහේන්ද්‍රන් බෑණාගේ සමාගමේ 2015 ලාභය බිලියන 5යි

(චූදිත මහේන්ද්‍රන් දැන් අගමැති වික්‍රමසිංහගේ උපදේශකයෙකි)

පර්පෙචුවල් ටෙසරීස් ලිමිටඩ්  Perpetual Treasuries Limited නම් හිටපු මහ බැංකු අධිපති මහේන්දුන්ගේ පුතාගේ සමාගමේ 2015 වසරේ ලාභය 2014ට වඩා සියයට 434කින් ඉහල ගොස් බිලයන 05 ඉක්මවා ඇති බව ඉකොනොමි නෙක්ස්ට් නම් වෙබ් අඩවිය වාර්තා කරයි.  මෙම වසරේ මාර්තු දක්වා සමාගම ලබා ඇති ලාභය රු. බිලියන 5.2ක් ලෙස වාර්තාවේ.

මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව දැවැන්ත කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට සිය බෑණාගේ සමාගමට කූඨ ලෙස ඉඩ සැළසූ බවට එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් චොදනා ලද අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය දීර්ඝ නොකිරීමට ජනාධිපති සිරිසේන පියවර ගත්තේය‍

සබැඳි පුවත් : රනිල් වික්‍රමසිංහ: අර්ජුන් මහේන්ද්‍රන් සහ දූෂිතයින් වෙනුවෙන් ආණ්ඩුව ඔට්ටුවට තැබීම

Archive

Latest news

Related news