Tuesday, April 30, 2024

මිලියන 218ක චෙක් මාරුකළ අබේසිංහ කෝ ?

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ඒ.එම්.බී. අබේසිංහ නැමැත්තකු චෙක්පත් 18ක් මගින් රුපියල් මිලියන 218ක් (රු. 218,825,000) ක් මාරුකර ඇති බව මේ වනවිට හෙළිව තිබේ.

සමාගම් 12ක හා එක් තනිපුද්ගලයකුගේ චෙක්පත් මාරුකර ඇති මොහු මේ වනවිට සොයාගැනීමට නොහැකිව ඇති බව පැවසේ.

මෙම චෙක්පත් අතරින් රුපියල් දෙලක්ෂ පනස්දහසක එක් චෙක්පතක් හැරෙන්නට සෙසු සියළු චෙක්පත් මිලියනයේ සිට මිලියන 55 දක්වා අගයක් ගෙන තිබේ.

මෙසේ චෙක්පත් ලබාදුන් ආයතන වන්නේ සෙනුරා සිවිල් ඉංජිනේරින් පෞද්ගලික සමාගම, කොමුන් ඉන්ජිනියරින් සර්විස් පෞද්ගලික සමාගම, සෙල්ටෙක් ගෲප්, නවලෝක කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම, සී.එල්.එම්.ඩී.ටී.කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම, ජනිත් ජයසේල හෝටලය, එල්.එම් කුරුප්පු, මාගා ඉන්ජිනියරින් පෞද්ගලික සමාගම, මවුන්ට් ලැවිනියා හොටේල් කන්සල්ටන් ඉන්ජිනියරින් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම, රයිගම් මාර්කටිං සර්විසස් පෞද්ගලික සමාගම, ඉන්ටර් නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් හා සෙනොක් වින්ඩ් පවර් යන පෞද්ගලික ආයතනය යන ඒවාය.

මේ ගනුදෙනු සිදුවූ කාලයේ ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තා වන්නේ ගාමිණී සෙනරත් මහතාය.

මේ පුද්ගලයා ඔහු යටතේ සේවය කළ අයෙකු බව පැවසේ.

අබේසිංහ නැමැත්තා ගාමිණීගේ කාර්යාලයේ සේවය කර ඇත්තේ පරිපාලන නිලධාරී තනතුරේය.

ඔහුගේ පත් කිරීම ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් 2010 දෙසැම්බර් 21 සිදුකර ඇති බව රාවය පුවත්පත කියා සිටී.

ඔහුව එම වසරේ නොවැම්බර් 19 වැනිදා සිට රාජ්‍ය කළමනාකාර සහකාර නිලධාරියකු ලෙස ජනාධිපති කාර්යාල මණ්ඩලයට පත්කර සිට ඇත.

ඔහු වැඩිවශයෙන් රාජකාරි කර ඇත්තේ අරලියගහ මන්දිරයේ ය.

අබේසිංහ මාරු කර තිබූ චෙක් ලයිස්තුව මෙන්න.

gaminiletter_600px_16_09_10
Lanka Truth

Archive

Latest news

Related news