Sunday, April 28, 2024

මෙන්න ඇත්ත: ඉන්දු ලංකා පාලමට යොජනාව ඉදිරිපත් කළේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති විරවංශ

දැන් රාජපක්ෂ හොර නඩය ඉන්දියානු විරෝධීී ජාතිවාදය අවුස්සමින් විරුදධ වන ඉන්දු ලංකා පාලම මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ විමල් වීරවංස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමති වශයෙන් සිටියදී  බව වාර්තා වේ. රාජපක්ෂ ආණ්ඩුව විසින් 2011 ජනවාරි මස ඉදිරිපත් කර තිබේන “ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම” නම් ව්‍යාපෘති වාර්තාව මගින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්කරමින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා මහා මාර්ගයක් දුම්රිය මාර්ගයක් හා සන්නිවේදන මාර්ගයක් ඇති කිරීමට යෝජනා කර තිබේ. මේ බව සනාථ කැරෙන ලේඛන මෙම ලිපිය අගට අමුනා තිබේ.

දකුණු ආසියානු කලාපයේ කෝටි 147ක ජනගහණයක් සිටින බවත් ශ්‍රී ලංකාව ඉන්දීය උපමහද්වීපයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් දකුණු ආසියානු කළාපයට අයත් රටවල මෙම ජනගහණය ගමග සම්බන්ධතා පැවැත්වීම මගින් ශ්‍රී ලංකාවට මහත් වාසිදායක තත්වයක් ලබාගත හැකියැයි අනුමාණ කරමින් පොක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට ශ්‍රී ලංකාව ඒකාබද්ධ කිරීමේ මෙම සැලසුම ඉදිරිපත් කර ඇත.

එහි මෙසේද සඳහන් වේ “පවතින දත්තයන්ට අනුව සෘජු සම්බන්ධතාවන් සඳහා ලාභදායි ක්‍රමය දුම්රිය මාර්ගය බව පැහැදිලි වේ. මූලික පියවරේදී තනි (ඒකල) දුම්රිය මාර්ගයක් ස්ථාපිත කෙරෙණු ඇති අතර පසුව එය ද්විත්ව දුම්රිය මාර්ගයක් දක්වා පුළුල් කෙරෙනු ඇත. ප්‍රවාහන මාධ්‍යයෙහි වෙනසක් ඇති නොකර නැව් මාර්ගයට ඉහළින් අඛණ්ඩව දුම්රිය මාර්ගය යොදා ගැනීම මෙහි ඇති වාසියකි.”

Indo Lanka  bridge 01

Indo lanka bridge 02Indo Lanka bridge 03Indo Lanka Bridge 04

ස්තුතිය – ලංකා ට්රුත් අඩවියට

 

 

 

Archive

Latest news

Related news